Browse Results

Showing 26 through 50 of 103 results

Bhashanuragaye Dheshapalanaya - භාෂානුරාගයේ දේශපාලනය

by Sandagomi Coperahewa - සඳගෝමි කෝපරහේවා

භාෂානුරාගයේ දේශපාලනය නමැති මේ කෘතියේ අරමුණ වන්නේ, සිංහල භාෂාව හා සමාජය ආශ්‍රිතව විසිවන සියවස මුල් භාගයේ මෙරට ඇති වූ සිංහල භාෂානුරාගී කටයුතු සහ ඉන්පසුව උද්ගත වූ රාජ්‍ය භාෂා ප්‍රශ්නය පිළිබඳව විමර්ශනය කිරීමයි.

Bhashava ha samajaya - භාෂාව හා සමාජය

by K.N.O. Dharmadhasa - කේ.එන්.ඕ. ධර්මදාස

මෙම ග්‍රන්ථයෙන් වෑයම් කරන ලද්දේ භාෂාව පිළිබඳව අධ්‍යයනයෙහි නිරතවන්නන් විසින් බොහෝ විට අවධානයට යොමු නොකරන භාෂා චර්යාව තුළ මිනිසාගේ සමාජ ජීවිතය සපුරා පිළිබිඹුව ඇතැයි යන කාරණය පැහැදිලි කිරීමට ය.

Catholicism Grade 07 - කතෝලික ධර්මය 07 වන ශ්‍රේණිය

by Panel of experts of the ministry of education Sri Lanka - අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය විශේෂඥ මණ්ඩලයක් විසිනි.

07 වන ශ්‍රේණියේ කතෝලික ධර්මය විෂය සඳහා රජය විසින් නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයයි.

Dangakara lama diviya - දඟකාර ළමා දිවිය

by C. Abhaya Thanne - සී. අභය තැන්නේ

ජීවිතයේ සැඳෑ සමය එළඹෙන විට ආපසු හැරී බැලීම පුද්ගලයින්ගේ සාමාන්‍ය සිරිතය. විසිවන ශත වර්ෂයේ තෙවන භාගයේ උපන් අභය තැන්නේ මහතාගේ පාසල් වියේ චමත්කාරය අගය කර මෙම ‘දඟකාර ළමා දිවිය’ යන පොත රසවත් ලෙස ලියා ඇත.

Dangakara Valas Patiya - දඟකාර වලස් පැටියා

by Dadhigama V. Rodrigo - දැදිගම වි. රුද්‍රිගු

කුඩා කල ළමුන්ගේ දඟකාරකම් නිසි හික්මීමකින් තොරව වර්ධනයට ඉඩ හැරීමෙන් පසුකාලීනව ඔවුන් තුළ ගොඩනැගෙන අපගාමී පෞර්ෂ ලක්ෂණ තුළින් පවුල් ඒකකය මෙන්ම සමාජය ද දුෂ්කරතාවන්ට ලක්වන බව තේමා කොට ගනිමින් රචිත ඉතාම රසවත් කථාන්තරයකි.

Drakulata erehiva sherlock holmes - ඩ්රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස්

by Chandana Mendis - චන්දන මෙන්ඩිස්

ඩ්‍රැකිවුලා පිළිබඳව ලියැවුණු රහස් පරීක්ෂක ප්‍රබන්ධයකි.

Hari puduma iskole - හරි පුදුම ඉස්කෝලේ

by Leelanandha Gamaachchi - ලීලානන්ද ගමාච්චි

නිදහස, විනෝදය හා ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුළදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ.

Health and physical education Grade 07 - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය 7 ශ්‍රේණිය

by A panel of experts of the ministry of education - අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය විශේෂඥ මණ්ඩලයක් විසිනි.

2016 වසරේ සිට 07 වන ශ්‍රේණියේ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂය සඳහා රජය විසින් නිර්දිෂ්ඨ ග්‍රන්ථයයි.

Hima kumarige yaluvo - හිමකුමරිගේ යහළුවෝ

by Nirodha Satyanjali Kavikumara - නිරෝධා සත්‍යාංජලී කවිකුමාර

ළමුන් සඳහා ම රචිත ඉතාම රසවත් කථාන්තරයකි.

Jathyanuragaya - ජාත්‍යනුරාගය

by K.N.O. Dharmadhasa - කේ. එන්. ඕ. ධර්මදාස

ජාතිකවාදය නම් සුවිසල් විෂයය අරභයා මූලික හැඳින්වීමක් සහිත ඉතා වටිනා ග්‍රන්ථයකි.

Kalpanalokaya - කල්පනා ලෝකය

by Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්‍ර

කවියා හෝ චිත්‍රකරුවා හෝ මූර්ති ශිල්පියා මවන ලෝකය අභව්‍ය ලෝක නොව, "විය හැකි ලෝකය" ය. කරුණු මෙසේ හෙයින් The Imaginary World යන අර්ථයෙන් වෙනත් සාහිත්‍ය කල්පනා ලෝකයක් සේ සැළකිය හැකි බව පෙනේ.

Manava vidyava saha sinhala sanskruthiya - මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය

by Martin Wickramasingha - මාර්ටින් වික්‍රමසිංහ

මගේ මේ "මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය" සකු බමුණු ඉංගිරිසි අනුකාරකයන්ට ඔවුන්ගේ අනුකාරක සෙළුව දක්වන කැටපතක් වෙති යි සිතමි.

Navakathanga Ha Viragaya - නවකථාංග හා විරාගය

by Martin Wickramasingha - මාර්ටින් වික්‍රමසිංහ

මේ නිබන්ධය නවකථා කලාවෙහි ශාස්ත්‍රීය හෙවත් දර්ශනාත්මක අංග කිහිපයක් අරබයා කෙරෙන විමර්ශනයකි.

Vana petha Andagasayi - වන පෙත අඬගසයි

by Ariyawansha Ranaweera - ආරියවංශ රණවීර

බක් නමින් හැඳින්වෙන සුනඛයකු වටා මෙම නවකතාව ගෙතී ඇත. මෙය මිනිසාත්, අනෙක් සතුනුත්, ස්වභාව සත්තාවත් අතර පැවතිය යුතු ගැඹුරු සහජීවනය පිළිබඳ විවරණයකි.

Vakkalama - වක්කලම

by Jayakodi Senevirathna - ජයකොඩි සෙනෙවිරත්න

මැද පෙරදිග රැකියා සොයා යාමේ ප්‍රවනතාවය නිසා පසු ගිය දස වසර තුළ ලාංකේය ජන සමාජයේ විශේෂ වෙනස්කම් කිහිපයක් ඇති විය. ජයකොඩි සෙනෙවිරත්න මේ නව සමාජ ප්‍රවනතාවයේ හොඳ නරක ඉතා අපූරු නවකතාවක් බවට පත්කොට තිබේ.

Geography Grade 07 - භූගෝල විද්‍යාව 07 ශ්‍රේණිය

by Panel of experts of the ministry of education Sri Lanka - අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය විශේෂඥ මණ්ඩලයක් විසිනි.

07 වන ශ්‍රේණියේ භූගෝල විද්‍යාව විෂය සඳහා රජය විසින් නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයයි.

Aparajitho - අපරාජිතෝ

by M.D. Dayanandha - ඇම්. ඩී. දයානන්ද

උත්සාහය ඉවසීම පිළිබිඹු කරන යෞවණයින් සඳහා රචිත නවකතාවකි.

Ath karaththaya ha thawath katha - අත් කරත්තය හා තවත් කථා

by Vehalle Kulathunga - වේහැල්ලේ කුලතුංග

ළමුන් සඳහා ම රචිත ඉතාම රසවත් කථා කිහිපයකින් යුක්තයි.

PadaYathra - පාද යාත්‍රා

by Eric Eliyaparachchi - එරික් ඉලෙයප්ආරච්චි

2004 වසරේ මෙරටට බලපෑ සුනාමි කේදවාචකයට මැදි වූ චරිත කිහිපයක් වටා ගොඩනැගී ඇති නවකතාවකි..

Act No 1 Of 2010 - 2010 අංක 1 දරන ශ‍්‍රී ලංකා කුඩා කර්මාන්ත මණ්ඩල (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත

by The parliament of Democratic Socialist Republic of Sri Lanka - ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව

1981 අංක 43 දරන ශ‍්‍රී ලංකා කුඩා කර්මාන්ත මණ්ඩල (සංස්ථාගත කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

amawathura - මිලරේපා මහායෝගීන්ගේ අමාවතුර

by Ven. Higgoda Khemananda Thero - හිග්ගොඩ ඛේමානන්ද හිමිපාණෝ

සැබෑ භාවනානුයෝගී මනස වනාහි සංවේදී වූවක් හෙයින් එය ලෝකය දෙසට පියවි සිටීමක් නැත. නිසල මනසට වඩා වෙනස් ආකාරයට හැසිරෙන කලබලකාරී මනස වැඩි වැඩියෙන් සැප සම්පත් සොයමින්, පුරුදු මත පාවී යමින් අන්‍යයන්ගේ වේදනාවට හා අවශ්‍යතාවන්ට අසංවේදී වේ.

bim Geyata Sanda Awith - බිම් ගෙයට සඳ ඇවිත්

by Nandun Yasitha Dasanayaka - නඳුන් යසිත දසනායක

සත් වසරකට ආසන්න කාලයක් තිස්සේ විවිධ පුවත්පත් කවි පිටු සඳහා කාව්‍ය නිර්මාණ සැපයූ නඳුන් යසිත දසනායකගේ කවි ඒක්රැස් කොට සංග්‍රහ කරන ලද කාව්‍ය සංග්‍රහයකි.

Biya Nowan Aiyandi - බිය නොවන් අයියන්ඩි

by Rathnashri Wijesinghe - රත්න ශ‍්‍රී විජේසිංහ

ප්‍රවීන කිවියර රත්නශ්‍රී විජේසිංහයන්ගේ කුළුදුල් පද්‍ය සංගහය මෙය යි.

budun wadala darmaya - බුදුන් වදාළ ධර්මය

by Ven. walpola shri Rahula thero - වල්පොළ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ විසිනි.

බටහිර රටවල ප්‍රයෝජනය සඳහා මුලින් ම ඉංග්‍රීසියෙන් ලියූ ‘What the Buddha Taught’ නම් වූ කෘතියෙහි සිංහල පරිවර්තනය යි.

Jathaka Sahithyaya thulin pilibimbu vana bauddha AcharaDarma - ජාතක සාහිත්‍යය තුළින් පිළිබිඹු වන බෞද්ධ ආචාර ධර්ම

by Mahalle Wipulathiss Thero - මාහල්ලේ විපුලතිස්ස හිමි

පොදුජන ජීවිතය සමග දැඩි සබඳතාවක් පවත්වනු ලබන ජාතක කථා ක්ෂේත‍්‍රය හා සම්බන්ධ ආචාර ධර්මයන් බෞද්ධ සාහිත්‍යාගත සෙසු මූලික පෙළපොත් සමඟ තුලනාත්මක ව පුළුල් ලෙස විමර්ශනයකට ලක් කරමින් රචිත ඉතා ප්‍රයෝජනවත් කෘතියකි.

Refine Search

Showing 26 through 50 of 103 results