Browse Results

Showing 1 through 25 of 103 results

aranakataPemBanda - අරණකට පෙම් බැඳ

by Chintha lakshmi Sinharachchi - චින්තා ලක්ෂ්මී සිංහාරච්චි

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් ප්‍රදේශයේ වනගත ස්වාභාවික පරිසරය එහි සුන්දරත්වය එවැනි වනගත පරිසරයක ජීවත්වන අන්ත දිළිඳු ජනයාගේ ජීවිත අළලා ලියැවුන, ඒ දෙස හෙලන සානුකම්පිත දෘෂ්ටියකින් යුක්ත වන විශ්ව සාහිත්‍යයේ අග්‍රගන්‍ය කෘතියකි.මෙය වංග සාහිත්‍යයෙන් සිංහල පාඨකයාට ලැබෙන විශේෂිත වූ කෘතියකි.

avasanKaviya - අවසන් කාව්‍යය

by J.K.S. Samarasekara - වෛද්‍ය ජේ. කේ. ඇස් සමරසේකර

නවීන සංස්කෘතියේ නිෂ්පාදනයක් වශයෙන් බෙහෙවින් වෙනස් වූ උසස් අධ්‍යාපනය ලද යුවතියක ගේ විසිතුරු දැනීම ගැඹුරු පෙළීමකට තුඩු දීමෙන් හදවත නැවත දිනා ගැනීමක් කතුවරයා පෙන්නා දෙයි. ප්‍රේමයේ උසස් බව අඩු බව - සත්‍ය බව සහ වෙනස් බව පුද්ගලයාගේ අතීත බොරු ආදරයක් දක්වන ස්ත්‍රියකගෙන් ලද ඔහුගේම දියෙහියට ගැඹුරු බව නිදහස් කිරීමේ අවංකබව මෙම නවකතාවෙන් පෙන්නා දෙයි.

giraya - ගිරය

by Punyakanthi Wijenayaka - පුණ්‍යකාන්ති විජේනායක

ගිරය තමා අතට ගත් තැනැත්තා ගේ සිතැඟි ඉටු කිරීමට සැරසී සිටින ගැහැනියකට සමාන ය යන හැඟීමක් මා තුළ පහළ විය. සැබැවින් ම මේ ගිරය කුතුහලය අවුස්සන ඉතා සුන්දර කෞතුක වස්තුවකි. මට එය සිතින් බැහැර කළ නොහැකි වූ අතර ඒ ගැන සොයා බැලීමට මා තුළ කුතුහලයක් ඇති විය.

araliyamalAramaya - අරලියමල් ආරාමය

by Jayasena Jayakodi - ජයසේන ජයකොඩි

අට ලෝ දහමින් කම්පාවට පත් නොවී අඛණ්ඩව පිළිවෙත් පුරන, බෞද්ධ යතිවරයාණ කෙනෙකුගේ සුපේක්ෂල ශික්ෂාකාමී ජීවිතය හා බැඳුණු රසවත් කථා ප්‍රවෘත්තියක් රැගත් නවකතාවකි.

bikshuwage urumaya - භික්ෂුවගේ උරුමය

by ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පූජ්‍ය වල්පොළ ශ්‍රී රාහුල මහාචාර්යපාදයන් වහන්සේ විසිනි. ධර්මශාස්ත්‍ර ශිරෝමණී Most ven. Walpola Rahula thero - අග්ගමහාපණ්ඩිත

බ්‍රිතාන්‍ය පාලන සමය තුළ වසර හතළිහක පමණ කාලයක් ජීවත්ව අත්දැකීම් සහිතව සිටි රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘භික්ෂුවගේ උරුමය’ කෘතිය ලියන්නේ එකී යටත් විජිත පාලන සමය හමාර වීමට ආසන්න වෙමින් පවතිද්දී යි. යටත්විජිත පාලන සමය තුළ සමාජ කටයුතුවලින් ඉවත් කොට පංසල්වලට සීමාකොට තිබූ භික්ෂු චරිතයට වඩාත් වැදගත් සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීම සඳහා වන ඓතිහාසික උරුමයක් ඇත යන්න මෙම කෘතිය තුළ රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉතා ශක්තිමත් සාධක සහිතව ඉදිරිපත් කරන තර්කයයි. රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උත්සාහය වූයේ භික්ෂුවට අහිමිව ගොස් තිබූ එම ඓතිහාසික සමාජ නායකත්වය නැවත ලබාගැනීම ලෙස මෙම කෘතිය අද කියවන ඇතැම් කෙනෙකුට සිතෙනවා ඇත.

Garuthara Sangarathnayen Awasarai - ගරුතර සංඝරත්නයෙන් අවසරයි

by Sarath Wijesuriya - සරත් විජේසූරිය

මේ කෘතියෙහි කාලයක් තිස්සේ මවිසින් විවිධ මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කළ අදහස් ඇතුළත් ලිපි කීපයක් ඇතුළත් ය. මෙහි අන්තර්ගත ප්‍රධාන ලිපිය පළ වුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශය පටන් ගත් ‘සම්භාෂා’ නම් සඟරාවේ මංගල කලාපයේ ය. ඒ ලිපියට පාදක වුණේ විද්‍යාලංකාර හා විද්‍යෝදය විශ්ව විද්‍යාලවල ආරම්භයයි. ඉක්බිති ව පිරිවෙන් අධ්‍යාපනය ගැන ලියූ ලිපියක් එක් සඟරාවක් මුද්‍රණය කිරීමෙන් පසු ව දේශපාලනඥයෙකු ගේ උපදෙස් මත ඉවත් කෙරිණ. ඊට හේතුව ඒ ලිපියෙන් විද්‍යාලංකාර ප්‍රකාශය හා භික්ෂු දේශපාලනය ගැන මගේ විවරණයක් තිබීම ය.

Visirimini - විසිරි මිණි

by Ariyawansha Ranaweera - ආරියවංශ රණවීර

නිර්මාණකරුවා හැව හැරදමා යන උරගයකු සේ හැරයන හැව දෙස නැවත නොබලා ම ඉදිරියට යා යුතුයයි ප්‍රකට කියමනක් තිබේ. එහෙත්, එය එසේ ම විය යුතුදැයි කුකුසක් මා සිතෙහි විටෙක පැන නගී. නිර්මාණකරුවා සිය මුල් කෘති නිකමටවත් අවලෝකනය නො කළ යුතු ද ? අඩුතරමින් තමන් අතින් සිදුවුණු අත් වැරදි හඳුනා ගැනීමටවත්, ඔහු එසේ නො කළ යුතු ද?description

goduruLoba - ගොදුරු ලොබ

by A.V. Suraweera - ඒ. වී. සුරවීර

මාගේ ගොදුරු ලොබ නම් කෙටිකතා සංග්‍රහය ප්‍රකාශයට පත් වූයේ 1973 වර්ෂයේදීය. ගොදුරු ලොබ කෘතියේ නව මුද්‍රණයක් සකස් කිරීම සඳහා සෝදුපත් බැලීමේදී උසස් කෙටිකතා වශයෙන් ඒ එක් එක් කතාව සාධනීය ලක්ෂණයන්ගෙන් මෙන්ම අඩුපාඩුවලින්ද සමන්විත බව මට පෙනී ගියේය. එහෙත් මේ අවස්ථාවේ ඒ කතාවල ලොකු වෙනස්කම් කිරීමට අදහස් නොකෙළෙමි. නිර්මාණ ලේඛකයෙකු අතින් මුළු ජීවිත කාලය පුරා උසස් ගණයෙහි ලා සැලකෙන චිරස්ථායි කෘති කීපයක් පමණක් සම්පාදනය වී ඇත්නම් ඒ ප්‍රමාණවත් වන්නේය. මේ අතින් සලකන කල මේ කෘතියෙහිද සාර්ථක රචනා ලෙස මා සෑහීමට පත් වන නිර්මාණ කීපයක් හෝ සංග්‍රහ වී ඇති බව පෙනේ.

mahapurushayekutaBirindakVi - මහා පුරුෂයෙකුට බිරිඳක්ව

by Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති.

“මහා පුරුෂයෙකුට බිරිඳක්ව” නම් මෙම කෘතියෙන් විස්තර වන්නේ මෙම මහා ලේඛකයාගේ විවාහයේ සිට මරණය තෙක් ජීවිතයත්, ඔහුගේ ළාබාල රූමත් බිරිඳගේ ජීවිතයත්ය. ඔවුන්ගේ “දීර්ඝ දෙව් අපා යුගදිවි නාටකය”ත්ය.

ranRosa - රන්රෝස

by Ariyawansha Ranaweera - ආරියවංශ රණවීර.

මෙහි එන බොහෝ දෑ හිතට ආ ආ අයුරින්ම ලියූ නිසාවෙන් නිරවුල් බවින් තොර විය හැක. බොහෝ දෑ කුකුස් උපදවන සුළු විය හැක. මෙය න්‍යායාත්මක පර්යේෂණයක් නොවේ. මෙය සාහිත්‍ය විධි ශිල්ප ක්‍රම උගන්වන අත්වැලක් ද නොවේ. මෙහි ගැබ්ව ඇත්තේ සාහිත්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මගේ පෞද්ගලික කල්පනා හා අත්දැකීම් ස්වල්පයක් පමණි.

vilasiniyakage premaya - විලාසිනියකගේ ප්‍රේමය

by Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්‍ර

සංස්කෘත කාව්‍ය වංශයෙහි, ගද්‍ය පද්‍ය දෙක මිශ්‍ර වූ චම්පු කාව්‍ය නමින් හැඳින්වෙන රචනා විලාසය අනුගමනය කරමින් ලියන ලද මේ කථාවට ආශ්‍රයභූත වූයේ “කණවේර ජාතකය” නම් වූ ජාතකයේ වස්තු බීජය ය. මේ ජාතකය එතරම් ප්‍රකට වූවක් නො වේ. ජාතක පොතේ ඇතැම් මුද්‍රිත පිටපත්වල එය “කරවෙර ජාතකය” කියා හැඳින්වේ. එහෙත් වචනයේ නිවැරදි රූපය “කණවෙර” විය යුතුයැයි හඟිමි.novel

maname - මනමේ නාටකය

by Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්‍ර

මනමේ කථාව කෝලම් සම්ප්‍රදායෙන් හා කවිවලින් මෙතෙක් කල් ගම්බද ව රඟ දැක්වුණු නමුදු, එය නාඩගම් සම්ප්‍රදාය අනුව රඟ දැක්වීම සඳහා රචනා කරන ලද පළමු වතාව මේ ය. නාඩගම් සම්ප්‍රදාය පදනම් කොට ගෙන මේ නාට්‍යය රචනා කළ මා විසින්, පැරණි නාඩගම් සම්ප්‍රදායට අයත් සියලු අංගයන් ම අනුගමනය නොකරන ලදි. බහුබූත, සෙල්ල පිල්ලෙ ආදී නළුවන්ගේ රැඟුම් ඇත්ත වශයෙන් නාට්‍යයට සම්බන්ධ නොවන හෙයින්, මා විසින් ඒවා බැහැර කරන ලදී. එසේ නමුදු, නාඩගම් ශෛලියට අවශ්‍ය වූ හැම සිරිතක් ම මෙහි රක්නා ලදයි කියනු කැමැත්තෙමි. දේශීය සම්ප්‍රදාය, ඉදිරියට අප අතර පැලපදියම් වීමට නම්, වර්තමාන රසිකයන්ගේ රුචිය ද මදක් සැලකිය යුතු ය යනු කවුරුන් විසින් වූව ද පිළිගනු ලැබේය යි සිතමි. මේ නාටකය රචනා කරන අතර බොහෝ කාලයක් මුළුල්ලේ නාඩගම් නිෂ්පාදනය කර විශාල පළපුරුද්දක් ඇති අම්පෙ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ සමග සාකච්ඡා කොට, බැහැර කළ යුතු දේ බැහැර කොට, ඇතුළත් කළ යුතු දේ ඇතුළත් කොට, මෙසේ මේ නාටකයේ ආකෘතිය සකස් කරන ලද බව පවසනු කැමැත්තෙමි.

sinhabahu - සිංහබාහු

by Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්‍ර

කිසියම් රටක ගීත නාටක කලාව, සජීව ජාතික කලා මාධ්‍යයක් වශයෙන් පැවැතීමට නම්, ඒ රටෙහි නාට්‍ය රචකයන් මෙන්ම ගීත ස්වර රචකයන් ද සිටිය යුතුය. දහ නව වෙනි ශත වර්ශයේ මුල් අවධියෙහි සිට මෙහි පැවතිණැයි සිතිය හැකි නාඩගම් නම් ගීත නාටක සම්ප්‍රදාය පිරිහීමටත් මුළුමනින් ම වාගේ අතුරුදහන් වී යාමටත් එක් හේතුවක් වශයෙන් දැක්විය හැක්කේ, මෙහි ගීත ස්වර රචකයන් විරල වීම යයි හඟිමි. භාරතය හෝ චීනය හෝ යුරෝපය මෙන්, චිරාගත සංගීත සම්ප්‍රදායක් නොමැති ලක්දිවට , කිසියම් අවධියක දී ප්‍රවේශ වූ මේ ගීත නාටක සම්ප්‍රදාය මෙහි පැලපදියම් නොවීම ගැන අප පුදුමයට පත් නොවිය යුතු ය. නාඩගම් හෝ නූර්ති රචනා කළ බොහෝ අය, කලින් රචනා කර තිබුණු නාඩගම් හෝ නූර්ති සිංදු රාග තම කෘති සඳහා උපුටා ගත්හ. එකල වැඩි දෙනෙකු නාට්‍ය බලන්ට ගියේ සින්දු ඇසීමට පමණක් වූ හෙයින් ද , එකල රචිත නාට්‍ය වල සින්දු හැරුණු විට අන් කිසි ගත යුත්තක් නුවූ හෙයින් ද , හැමදාම එකම සින්දු අසන්ට සිදුවූ රසිකයන්ට ගීත නාටක කලාව එපා වන්ට ඇතැයි සිතිය හැකි ය.

bashavakaBavithayaHaVigrahaya - භාෂාවක භාවිතය හා විග්‍රහය

by J.B. Disanayaka - ජේ. බී. දිසානායක

භාෂාව පිළිබඳ සිංහලයාගේ ආකල්පය ද, විසිවෙනි සියවසේ භාෂා විමර්ශකයාගේ දෘෂ්ටියට, නෑකම් කියන්නක් නොවෙයි. නූතන අපරදිග භාෂා විමර්ශකයා, මිනිසෙකු නැතිව පවා මිනිස් කටහඬ නිපදවයි; ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය, පරිගණක යන්ත්‍රයක මාර්ගයෙන් රුසියානු භාෂාවට පරිවර්තනය කරයි; භාෂාවකට අයත් ඕනෑ ම වාක්‍යයක් ජනනය කළ හැකි ශක්තියෙන් යුක්ත සූත්‍ර පද්ධතියක් සොයා ගනියි. එහෙත් සිංහල භාෂා විමර්ශකයා කුමක් කරයිද? අදත් “පරා විසින් පුටුයේ පරපුටු’ ‘දෙව්දත් මවට මැනැවි” යයි සිය දරුවාට උගන්වා, ඔහු වියරණයෙහි පරතෙරට පැමිණෙතියි සැනසෙයි; “ලඹෝරා” “වැල්ලවුරු” යයි වනපොත් කොට, බසෙහි පිරියත් බව ලැබූ නියාව අඟවා උදන් අනයි; ඉටු අනිටු ගණ පිහිටුවා නොයෙක් සෙත්කවි වස්කවි බඳියි. සිංහල භාෂා විමර්ශකයා කයින් අප හා ගැටෙමින් ජීවත් වුවත්, සිතින් දහතුන්වෙනි සියවසෙහි පමණ සැරිසරන්නෙකි. සිංහල භාෂාව නිසි ලෙස පරිහරණය කිරීමට හෝ සිංහල භාෂාවේ ස්වරූපය තත්වාකාරයෙන් වටහා ගැනීමට හෝ අනුබල නොදෙන සිංහල ව්‍යාකරණ ශාස්ත්‍රය, දහතුන්වෙනි සියවසෙන් අනතුරුව පල් වීමට පටන්ගත් දියකඩිත්තක් වැන්න.

budhdhaDharmaya7 - බුද්ධ ධර්මය 07 වන ශ්‍රේණිය

by Panel of experts of the ministry of education - අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය විශේෂඥ මණ්ඩලයක් විසිනි.

නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවාසී පාසල් සිසුන් වෙත රජය මගින් නොමිලයේ ලබා දෙනු ලබන 07 ශ්‍රේණිය සඳහා වන බුද්ධ ධර්මය පෙල පොතයි.

civics7 - පුරවැසි අධ්‍යාපනය 7 ශ්‍රේණිය

by Panel of experts of the ministry of education Sri Lanka. - අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය විශේෂඥ මණ්ඩලයක් විසිනි.

නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ රජය මගින් නොමිලයේ බෙදා දීම පිණිස සකසන ලද 07 ශ්‍රේණිය සඳහා වන පුරවැසි අධ්‍යාපනය විෂය පෙල පොතයි.

history7

by Panel of experts of the ministry of Education Sri Lanka. - අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය විශේෂඥ මණ්ඩලයක් විසිනි.

නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ රජය මගින් නොමිලයේ බෙදාහැරීම සඳහා ලබා දී ඇති 07 ශ්‍රේණිය සඳහා වන ඉතිහාසය විෂයට අදාළ පාඨ ග්‍රන්ථයයි.

kudappa - කුඩප්පා

by Madawala S. Rathnayaka - මඩවල එස්. රත්නායක

විවිධ අනුභූතීන් ඔස්සේ ලියැවුණු කෙටි කථා සංග්‍රහයකි.

pin Athi Sarasavi Varamak Denne - පිං ඇති සරසවි වරමක් දෙන්නේ.....

by Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්ර

'ලංකාවේ ජාතික භාෂා අතපසු කොට ඉංග්රීසි පමණක් ඉගෙනීමට, සිංහලයන් තුළ තිබෙන මූඪ ලබ්ධිය හෙළා දුටු හෙතෙම, මීට හේතුව - ජාතියේ අතීතය ගැන අඥානයත්, අනාගතය ගැන නොතැකීමත් බව පැවසුවේය..." ‘යටත් විජිතවාදී ආකල්පයක් දරන පාලක පක්ෂයේ ඇගයීම් පද්ධතියෙහි ඉංග්රීසිය ඉහළ තැනක් ගනී. කිසියම් වියවුලක් හට ගත් විගසම - ඊට හේතුව අධ්යාපනයේද, රජයේද මාධ්ය සිංහල වීම යයි ඔවුහු කියති ! දැන් හොර රහසේ, ඉංග්රීසි යළිත් සිංහාසනාරූඪ කර ඇති බව පෙනේ."

prabudhdha - ප්රබුද්ධ

by Mahagama Sekera - මහගම සේකර

මහගම සේකරගේ කවිත්වය ප්‍රකාශයට පත් වන්නේ එහෙන් මෙහෙන් හමන සුළං නිසා නො සැලෙනසුලු ජීවන දර්ශනයක් හෙළි කරමින් බව ඔහුගේ අවසාන කෘතිය වන ප්‍රබුද්ධ නම් මේ ප්‍රබන්ධය කියවන විට තව දුරටත් දැනී යයි. රචනයට ප්‍රබුද්ධ යන නම යෙදීමෙන් ම එය පැහැදිලි වෙයි. මෙම කෘතියෙහි ඔහු බැස ගන්නා ඇතැම් නිගමනයන්ට හා ඉදිරිපත් කරන ඇතැම් නිර්දය විවේචනයන්ට අවශ්‍ය පදනම ඔහු ලබා ගෙන ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් ලත් තම ජීවන දර්ශනයේ පරිපාකයෙනැ යි කියන්නට පුළුවන. “හෙට ඉරක් පායයි” යන කෘතියෙහි (අංක 25). ඔහු කෙටියෙන් දක්වන්නේ කිසිවකු නො දන්නා දහමක් නො වේ.

sinhala lakuna - සිංහල ලකුණ.

by Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ

මා මේ සිංහල ලකුණ ලියුවේ වැඩි වෙහෙසකින් හා අඩු සන්තෝෂයකිනි. එසේ ලියූ පිටපත නැවත කියවමින් සකස් කිරීමෙහිදී මා ලැබුවේ, දුක සේ වැදු තම දරුවා හදන මවක, ඒ දරුවා සුන්දර මුහුණක් හා අඟපසඟ ද ඇතිව වැඩෙනු බලා ලබන සන්තෝෂය වැනි සන්තෝෂයකි. සිංහල ලකුණ මුද්‍රණය කෙරෙන අවස්ථාවෙහි ශුද්ධිපත්‍ර කියවීමෙන් හා සකස් කිරීමෙන් මා ලැබූ සන්තෝෂය තම දරුවා ‘දත් කැකුළු පා සිනාසී බොළඳ බස් කියා සියලඟ දූලි ගා' කෙළිනු දකින මව ලැබූහ යි කියන සන්තෝෂයට නොඅඩු වූවකි.

sinhala Sahitthyaye Nagima - සිංහල සාහිත්‍යයේ නැඟීම

by Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ

මේ' සිංහල සාහිත්‍යයේ නැඟීම’ මා විසින් කරන ලද කිසිම පර්යේෂණයක ප්‍රතිඵලයක් නොවේ. පොතපත කියවීමෙහි නොතිත් ආශ්වාදයෙහිත්; සාහිත්‍ය කලා විවේචනය අරබයා ලියන ලද පොතපත කියවීමෙන් මා ලබන ආශ්වාදයෙහිත්; ගෑනු පිරිමි දෙගොල්ලගේ, විශේෂයෙන් ගෑනුන්ගේ වගතුග, බොළඳකම්, නපුරුකම්, මායම්, බොරුමානය, ඔවුන්ගේ ආදරය, අනාදරය, චපලකම, රූසපුව, අඟර දඟර යන ආදිය අසා බලා ලබන නෝබිනා සන්තෝසයෙහිත් ප්‍රතිඵලයකි. එනම්; පොතපත කියවීමෙනුත් ගෑනු පිරිමි දෙගොල්ලගේ වගතුග හා ඕපාදූප මහත් ආශාවෙන් සෙවීමෙනුත් ඇසීමෙනුත් හිසෙහි පුරවාගත් තොරතුරු නිසා පහළ වූ දුර්මතවල පිහිටා, පැරණි සිංහල ගද්‍ය පද්‍ය ග්‍රන්ථ කියවීමෙහි ප්‍රතිඵලයකි.

Andha Vadhakaya - අඳවාදකයා

by Dadigama V. Rodrigo - දැදිගම වි. රුද්‍රිගු

මනෝවිද්‍යාත්මක කරුණුවලින් පොහොසත් වූ මේ නවකතාව කරලෙන්කෝ ගේ පෞද්ගලික නිරීක්ෂණයේ ප්‍රතිඵලයකි.

Asa nathi dha - ඇස නැති දා

by W.R. Perera - ඩබ්. ආර්. පෙරේරා

මෙය ආබාධිත අධ්‍යාපනයේ ලා පර්යේෂණ කෘතියක් වශයෙන් අදාළ අංශවලට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වේ.

Balal Wasura - බළල් වසුර

by Dickman Wijesinghe - ඩික්මන් විජේසිංහ

ළමුන් සඳහා ලියැවුණු ඉතා රසවත් කථාන්තරයකි.

Refine Search

Showing 1 through 25 of 103 results