Browse Results

Showing 1 through 25 of 103 results

Visirimini - විසිරි මිණි

by Ariyawansha Ranaweera - ආරියවංශ රණවීර

නිර්මාණකරුවා හැව හැරදමා යන උරගයකු සේ හැරයන හැව දෙස නැවත නොබලා ම ඉදිරියට යා යුතුයයි ප්‍රකට කියමනක් තිබේ. එහෙත්, එය එසේ ම විය යුතුදැයි කුකුසක් මා සිතෙහි විටෙක පැන නගී. නිර්මාණකරුවා සිය මුල් කෘති නිකමටවත් අවලෝකනය නො කළ යුතු ද ? අඩුතරමින් තමන් අතින් සිදුවුණු අත් වැරදි හඳුනා ගැනීමටවත්, ඔහු එසේ නො කළ යුතු ද?description

vilasiniyakage premaya - විලාසිනියකගේ ප්‍රේමය

by Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්‍ර

සංස්කෘත කාව්‍ය වංශයෙහි, ගද්‍ය පද්‍ය දෙක මිශ්‍ර වූ චම්පු කාව්‍ය නමින් හැඳින්වෙන රචනා විලාසය අනුගමනය කරමින් ලියන ලද මේ කථාවට ආශ්‍රයභූත වූයේ “කණවේර ජාතකය” නම් වූ ජාතකයේ වස්තු බීජය ය. මේ ජාතකය එතරම් ප්‍රකට වූවක් නො වේ. ජාතක පොතේ ඇතැම් මුද්‍රිත පිටපත්වල එය “කරවෙර ජාතකය” කියා හැඳින්වේ. එහෙත් වචනයේ නිවැරදි රූපය “කණවෙර” විය යුතුයැයි හඟිමි.novel

Vana petha Andagasayi - වන පෙත අඬගසයි

by Ariyawansha Ranaweera - ආරියවංශ රණවීර

බක් නමින් හැඳින්වෙන සුනඛයකු වටා මෙම නවකතාව ගෙතී ඇත. මෙය මිනිසාත්, අනෙක් සතුනුත්, ස්වභාව සත්තාවත් අතර පැවතිය යුතු ගැඹුරු සහජීවනය පිළිබඳ විවරණයකි.

Vakkalama - වක්කලම

by Jayakodi Senevirathna - ජයකොඩි සෙනෙවිරත්න

මැද පෙරදිග රැකියා සොයා යාමේ ප්‍රවනතාවය නිසා පසු ගිය දස වසර තුළ ලාංකේය ජන සමාජයේ විශේෂ වෙනස්කම් කිහිපයක් ඇති විය. ජයකොඩි සෙනෙවිරත්න මේ නව සමාජ ප්‍රවනතාවයේ හොඳ නරක ඉතා අපූරු නවකතාවක් බවට පත්කොට තිබේ.

Thun pethi hathara pas pethi - තුන් පෙති හතර පස් පෙති

by Ariyavansa Ranaweera Nandhana Weerasingha - ආරියවංශ රණවීර නන්දන වීරසිංහ

“සුන්දරත්වයට ආභරණ නොපලඳන්න. මුදු බවට ආභරණ බර වැඩි ය.”

sudamSaBava - සුදම් සභාව

by Sarath Wijesuriya - සරත් විජේසූරිය

මේ නවකතාව, කුලය, ධනය සහ සිවිල් බලය රටක සමාජ සංස්කෘතික ජීවිතයට කරන බලපෑම නිරූපණය කරන ප්‍රබන්ධයකි. කිසිම කුලයකට, ජාතියකට, ආගමකට හෝ වෙනත් කවරාකාර වූ සමාජ සංස්ථාවක් අපහාසයට ලක් කිරීමේ ද්වේෂ සහගත අරමුණක් කතුවරයා සතු නොවේ.

sinhala Sahitthyaye Nagima - සිංහල සාහිත්‍යයේ නැඟීම

by Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ

මේ' සිංහල සාහිත්‍යයේ නැඟීම’ මා විසින් කරන ලද කිසිම පර්යේෂණයක ප්‍රතිඵලයක් නොවේ. පොතපත කියවීමෙහි නොතිත් ආශ්වාදයෙහිත්; සාහිත්‍ය කලා විවේචනය අරබයා ලියන ලද පොතපත කියවීමෙන් මා ලබන ආශ්වාදයෙහිත්; ගෑනු පිරිමි දෙගොල්ලගේ, විශේෂයෙන් ගෑනුන්ගේ වගතුග, බොළඳකම්, නපුරුකම්, මායම්, බොරුමානය, ඔවුන්ගේ ආදරය, අනාදරය, චපලකම, රූසපුව, අඟර දඟර යන ආදිය අසා බලා ලබන නෝබිනා සන්තෝසයෙහිත් ප්‍රතිඵලයකි. එනම්; පොතපත කියවීමෙනුත් ගෑනු පිරිමි දෙගොල්ලගේ වගතුග හා ඕපාදූප මහත් ආශාවෙන් සෙවීමෙනුත් ඇසීමෙනුත් හිසෙහි පුරවාගත් තොරතුරු නිසා පහළ වූ දුර්මතවල පිහිටා, පැරණි සිංහල ගද්‍ය පද්‍ය ග්‍රන්ථ කියවීමෙහි ප්‍රතිඵලයකි.

sinhala lakuna - සිංහල ලකුණ.

by Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ

මා මේ සිංහල ලකුණ ලියුවේ වැඩි වෙහෙසකින් හා අඩු සන්තෝෂයකිනි. එසේ ලියූ පිටපත නැවත කියවමින් සකස් කිරීමෙහිදී මා ලැබුවේ, දුක සේ වැදු තම දරුවා හදන මවක, ඒ දරුවා සුන්දර මුහුණක් හා අඟපසඟ ද ඇතිව වැඩෙනු බලා ලබන සන්තෝෂය වැනි සන්තෝෂයකි. සිංහල ලකුණ මුද්‍රණය කෙරෙන අවස්ථාවෙහි ශුද්ධිපත්‍ර කියවීමෙන් හා සකස් කිරීමෙන් මා ලැබූ සන්තෝෂය තම දරුවා ‘දත් කැකුළු පා සිනාසී බොළඳ බස් කියා සියලඟ දූලි ගා' කෙළිනු දකින මව ලැබූහ යි කියන සන්තෝෂයට නොඅඩු වූවකි.

sinhabahu - සිංහබාහු

by Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්‍ර

කිසියම් රටක ගීත නාටක කලාව, සජීව ජාතික කලා මාධ්‍යයක් වශයෙන් පැවැතීමට නම්, ඒ රටෙහි නාට්‍ය රචකයන් මෙන්ම ගීත ස්වර රචකයන් ද සිටිය යුතුය. දහ නව වෙනි ශත වර්ශයේ මුල් අවධියෙහි සිට මෙහි පැවතිණැයි සිතිය හැකි නාඩගම් නම් ගීත නාටක සම්ප්‍රදාය පිරිහීමටත් මුළුමනින් ම වාගේ අතුරුදහන් වී යාමටත් එක් හේතුවක් වශයෙන් දැක්විය හැක්කේ, මෙහි ගීත ස්වර රචකයන් විරල වීම යයි හඟිමි. භාරතය හෝ චීනය හෝ යුරෝපය මෙන්, චිරාගත සංගීත සම්ප්‍රදායක් නොමැති ලක්දිවට , කිසියම් අවධියක දී ප්‍රවේශ වූ මේ ගීත නාටක සම්ප්‍රදාය මෙහි පැලපදියම් නොවීම ගැන අප පුදුමයට පත් නොවිය යුතු ය. නාඩගම් හෝ නූර්ති රචනා කළ බොහෝ අය, කලින් රචනා කර තිබුණු නාඩගම් හෝ නූර්ති සිංදු රාග තම කෘති සඳහා උපුටා ගත්හ. එකල වැඩි දෙනෙකු නාට්‍ය බලන්ට ගියේ සින්දු ඇසීමට පමණක් වූ හෙයින් ද , එකල රචිත නාට්‍ය වල සින්දු හැරුණු විට අන් කිසි ගත යුත්තක් නුවූ හෙයින් ද , හැමදාම එකම සින්දු අසන්ට සිදුවූ රසිකයන්ට ගීත නාටක කලාව එපා වන්ට ඇතැයි සිතිය හැකි ය.

Serpent's Daughter - සර්පයාගේ දියණිය

by Upeksha Nuwanshrini - උපේක්ෂා නුවන්ශ‍්‍රීනි

සුනාමි ව්‍යසනයට මැදිව විවිධ ජීවිතාභියෝගවලට මුහුණ දෙන යුවතියක වටා ගෙතුණු රසවත් නවකතාවකි.

Sandha Ginigath Sandha - සඳ ගිනිගත් සඳ

by K.B. Wanninayaka - කේ. බී. වන්නිනායක

රජරට ගොවි ජන විඤ්ඤාණය පදනම් කොට ගෙන ගැමි දිවියේ අත්දැකීම් නිරූපණය කරමින් රචිත රසවත් නවකතාවකි.

sahurdaSakshiya - සහෘද සාක්ෂිය

by Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති

අන්‍යයන්ගේ තැනෙහි අප පිහිටුවා ඔවුන්ගේ ජීවිතය පරිකල්පනය කිරීමට ආඛ්‍යාන ඔස්සේ අපට හැකියාව ලැබෙන බව සෑම පාඨකයෙකුම න්‍යායිකවත්, අත්දැකීමෙනුත් දන්නා කරුණකි. එසේම, කියවීමේදී අපි අපගේ සමාජීය ස්ථානය, ඊට අදාල දෘෂ්ටිකෝණද, එහිදී සැලකිල්ලට ලක්වන දේද පසෙක තබා, ආඛ්‍යානයේ චරිතයක අත්දැකීම වෙත පරිකල්පනාත්මකව ඇතුල් වෙමු. එමගින්, අපි සියලු ආචාරධාර්මික කාරකත්වයන්ට අවශ්‍ය වන ශක්‍යතාවන් වගා කර ගනිමු.

ranRosa - රන්රෝස

by Ariyawansha Ranaweera - ආරියවංශ රණවීර.

මෙහි එන බොහෝ දෑ හිතට ආ ආ අයුරින්ම ලියූ නිසාවෙන් නිරවුල් බවින් තොර විය හැක. බොහෝ දෑ කුකුස් උපදවන සුළු විය හැක. මෙය න්‍යායාත්මක පර්යේෂණයක් නොවේ. මෙය සාහිත්‍ය විධි ශිල්ප ක්‍රම උගන්වන අත්වැලක් ද නොවේ. මෙහි ගැබ්ව ඇත්තේ සාහිත්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මගේ පෞද්ගලික කල්පනා හා අත්දැකීම් ස්වල්පයක් පමණි.

prabudhdha - ප්රබුද්ධ

by Mahagama Sekera - මහගම සේකර

මහගම සේකරගේ කවිත්වය ප්‍රකාශයට පත් වන්නේ එහෙන් මෙහෙන් හමන සුළං නිසා නො සැලෙනසුලු ජීවන දර්ශනයක් හෙළි කරමින් බව ඔහුගේ අවසාන කෘතිය වන ප්‍රබුද්ධ නම් මේ ප්‍රබන්ධය කියවන විට තව දුරටත් දැනී යයි. රචනයට ප්‍රබුද්ධ යන නම යෙදීමෙන් ම එය පැහැදිලි වෙයි. මෙම කෘතියෙහි ඔහු බැස ගන්නා ඇතැම් නිගමනයන්ට හා ඉදිරිපත් කරන ඇතැම් නිර්දය විවේචනයන්ට අවශ්‍ය පදනම ඔහු ලබා ගෙන ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් ලත් තම ජීවන දර්ශනයේ පරිපාකයෙනැ යි කියන්නට පුළුවන. “හෙට ඉරක් පායයි” යන කෘතියෙහි (අංක 25). ඔහු කෙටියෙන් දක්වන්නේ කිසිවකු නො දන්නා දහමක් නො වේ.

pin Athi Sarasavi Varamak Denne - පිං ඇති සරසවි වරමක් දෙන්නේ.....

by Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්ර

'ලංකාවේ ජාතික භාෂා අතපසු කොට ඉංග්රීසි පමණක් ඉගෙනීමට, සිංහලයන් තුළ තිබෙන මූඪ ලබ්ධිය හෙළා දුටු හෙතෙම, මීට හේතුව - ජාතියේ අතීතය ගැන අඥානයත්, අනාගතය ගැන නොතැකීමත් බව පැවසුවේය..." ‘යටත් විජිතවාදී ආකල්පයක් දරන පාලක පක්ෂයේ ඇගයීම් පද්ධතියෙහි ඉංග්රීසිය ඉහළ තැනක් ගනී. කිසියම් වියවුලක් හට ගත් විගසම - ඊට හේතුව අධ්යාපනයේද, රජයේද මාධ්ය සිංහල වීම යයි ඔවුහු කියති ! දැන් හොර රහසේ, ඉංග්රීසි යළිත් සිංහාසනාරූඪ කර ඇති බව පෙනේ."

PadaYathra - පාද යාත්‍රා

by Eric Eliyaparachchi - එරික් ඉලෙයප්ආරච්චි

2004 වසරේ මෙරටට බලපෑ සුනාමි කේදවාචකයට මැදි වූ චරිත කිහිපයක් වටා ගොඩනැගී ඇති නවකතාවකි..

oba Sitinne Sathutinda Sathutin Siteemata nam - ඔබ සිටින්නේ සතුටින්ද? සතුටින් සිටීමට නම්

by Mahindapala Withana Arachchi - මහින්දපාල විතානආරච්චි

කිසිදු ආගම් භේදයකින් තොරව කියවීමට සුදුසු, කියවිය හැකි, ජීවිතයට ප‍්‍රායෝගිකව සම්බන්ධ කරගත හැකි දහම් පණිවුඩයක් අන්තර්ගත කෘතියකි.

nikmaYama - නික්ම යාම

by Somarathna Harasgama - සෝමරත්න හරස්ගම

"කිං සච්ච ගවේසී” සත්යය කුමක්ද? එය කොහි ඇද්ද? යන විමසුමෙන් ජය ගත් ජීවිත අනුන් උදෙසාම කැප කළ සැබෑ මිනිසෙකු වටා ගෙතුණු මෙම වෘත්තාන්තය "නික්ම යාම” නම් වේ.

nidahasa soya giya gamanak1 - නිදහස සොයා ගිය ගමනක් 1

by Mahindha Haththaka - මහින්ද හත්තක

චරිත කතාවත්, නවකතාවත් අතර වැඩි වෙනසක් නැතැයි මට සිතුණේ නෙල්සන් මැන්ඩෙලාගේ චරිත අපදානය කියවීමෙනි. නව කතාවක රසය උද්දීපනය කිරීම සඳහා ඇතැම්විට මනඃකල්පිත චරිත හා සිද්ධීන් ඇතුළත් කෙරේ. මැන්ඩෙලාගේ චරිත කතාවටත් එවැනි සිද්ධීන් අපමණ ඇතුළත් වන නිසා එය එක් අතකින් නවකතාවක් සේ සැලකිය හැක; රසවිඳිය හැක. මැන්ඩෙලාගේ චරිත අපදානය නවකතාවක් ලෙස සලකන්නේ නම් එය ශූර නවකතාකරුවෙකුගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බවට කිසිදු සැකයක් නොමැත. මෙහි චරිත නිර්මාණය හා කතා පුවත ගොඩ නැගීම ඕනෑම නවකතාවකට වඩා උසස් වන්නේ එය සැබැවින්ම අප අතර ජීවත් වන හා ජීවත් වූ උදාර පුද්ගලයින්ගේ ජීවිතය විස්තර කරන හෙයිනි.

Navakathanga Ha Viragaya - නවකථාංග හා විරාගය

by Martin Wickramasingha - මාර්ටින් වික්‍රමසිංහ

මේ නිබන්ධය නවකථා කලාවෙහි ශාස්ත්‍රීය හෙවත් දර්ශනාත්මක අංග කිහිපයක් අරබයා කෙරෙන විමර්ශනයකි.

Musala Kathawak - මූසල කතාවක්

by N. Sirisena - එම්. සිරිසේන

ඇන්ටන් චෙකොව්ගේ A Dull Story නම් කෘතියෙහි පරිවර්තනය යි.

Me kava methanin navathami - මේ කව මෙතැනින් නවතමි.

by Lal Hagoda - ලාල් හෑගොඩ

මෙහි එන නිර්මාණ බොහොමයක් රාවය, ඉරිදා ලක්බිම, ඉරිදා දිවයින, හා සිළුමිණ පුවත්පත්වල පළවූ ඒවාය.

Manava vidyava saha sinhala sanskruthiya - මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය

by Martin Wickramasingha - මාර්ටින් වික්‍රමසිංහ

මගේ මේ "මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය" සකු බමුණු ඉංගිරිසි අනුකාරකයන්ට ඔවුන්ගේ අනුකාරක සෙළුව දක්වන කැටපතක් වෙති යි සිතමි.

Manasika suvaya - මානසික සුවය

by Suranga Amarakoon - සුරංග අමරකෝන්

බෞද්ධ සම්ප්‍රදාය තුළ බුදුන් වහන්සේ හඳුන්වා ඇත්තේ කායික හා මානසික රෝග පිළිබඳ ශ්‍රේෂ්ඨතම විශේෂඥ වෛද්‍යවරයා ලෙසය. මක් නිසාද යත් සියලු රෝගවල උපත වන සසර දුකට උන්වහන්සේ ඖෂධ නියම කරන නිසාය.

maname - මනමේ නාටකය

by Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්‍ර

මනමේ කථාව කෝලම් සම්ප්‍රදායෙන් හා කවිවලින් මෙතෙක් කල් ගම්බද ව රඟ දැක්වුණු නමුදු, එය නාඩගම් සම්ප්‍රදාය අනුව රඟ දැක්වීම සඳහා රචනා කරන ලද පළමු වතාව මේ ය. නාඩගම් සම්ප්‍රදාය පදනම් කොට ගෙන මේ නාට්‍යය රචනා කළ මා විසින්, පැරණි නාඩගම් සම්ප්‍රදායට අයත් සියලු අංගයන් ම අනුගමනය නොකරන ලදි. බහුබූත, සෙල්ල පිල්ලෙ ආදී නළුවන්ගේ රැඟුම් ඇත්ත වශයෙන් නාට්‍යයට සම්බන්ධ නොවන හෙයින්, මා විසින් ඒවා බැහැර කරන ලදී. එසේ නමුදු, නාඩගම් ශෛලියට අවශ්‍ය වූ හැම සිරිතක් ම මෙහි රක්නා ලදයි කියනු කැමැත්තෙමි. දේශීය සම්ප්‍රදාය, ඉදිරියට අප අතර පැලපදියම් වීමට නම්, වර්තමාන රසිකයන්ගේ රුචිය ද මදක් සැලකිය යුතු ය යනු කවුරුන් විසින් වූව ද පිළිගනු ලැබේය යි සිතමි. මේ නාටකය රචනා කරන අතර බොහෝ කාලයක් මුළුල්ලේ නාඩගම් නිෂ්පාදනය කර විශාල පළපුරුද්දක් ඇති අම්පෙ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ සමග සාකච්ඡා කොට, බැහැර කළ යුතු දේ බැහැර කොට, ඇතුළත් කළ යුතු දේ ඇතුළත් කොට, මෙසේ මේ නාටකයේ ආකෘතිය සකස් කරන ලද බව පවසනු කැමැත්තෙමි.

Refine Search

Showing 1 through 25 of 103 results