Browse Results

Showing 26 through 50 of 103 results

Mahayana mulika sankalpa - මහායාන මූලික සංකල්ප

by Madhavachchiye dhammajothi thero - මැදවච්චියේ ධම්මජෝති හිමි

මහායාන සංස්කෘත ග්‍රන්ථ රචනා කර තිබෙන්නේ සමාස බහුල දීර්ඝ භාෂා ශෛලියකිනි. එහෙයින් මෙම ග්‍රන්ථයේ භාෂාව හැකි තරම් සරලව යෙදීමට උත්සාහ ගෙන ඇත.

mahapurushayekutaBirindakVi - මහා පුරුෂයෙකුට බිරිඳක්ව

by Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති.

“මහා පුරුෂයෙකුට බිරිඳක්ව” නම් මෙම කෘතියෙන් විස්තර වන්නේ මෙම මහා ලේඛකයාගේ විවාහයේ සිට මරණය තෙක් ජීවිතයත්, ඔහුගේ ළාබාල රූමත් බිරිඳගේ ජීවිතයත්ය. ඔවුන්ගේ “දීර්ඝ දෙව් අපා යුගදිවි නාටකය”ත්ය.

kudappa - කුඩප්පා

by Madawala S. Rathnayaka - මඩවල එස්. රත්නායක

විවිධ අනුභූතීන් ඔස්සේ ලියැවුණු කෙටි කථා සංග්‍රහයකි.

kelehi Gunaya - කෙළෙහිගුණය

by Dickman Wijesinghe - දික්මන් විජේසිංහ

යෞවණයන් සඳහා ම රචිත ඉතාම රසවත් කථාන්තරයකි.

keerthiWalisarageToragathKetiKatha - කීර්ති වැලිසරගේගේ තෝරා ගත් කෙටි කථා

by Keerthi Walisarage - කීර්ති වැලිසරගේ

සම්මානනීය ලේඛක කීර්ති වැලිසරගේ ලියූ ප්‍රථම කෙටිකතා සංග්‍රහය ගස් කට්ටිය (1994) සිට මේ වන විට ප්‍රකාශිත අලුත් ම කෙටිකතා සංග්‍රහය ‘සංක්‍රාන්ති’ (2012) දක්වා කෙටිකතා සංග්‍රහ නවයක පළ වූ කෙටිකතා අසූ පහක් අතරින් තෝරාගත් කෙටිකතා ඇතුළත් කෘතියකි මේ. මෙවැන්නක් පළ කිරීමේ අරමුණ වූයේ ඔහුගේ විවිධ ප්‍රවණතා පිළිබිඹු කරන කෙටිකතා පාඨකයින්ට ද පහසුවෙන් පරිහරණය කිරීමට අවස්ථාවක් ලබා දීම ය.

Kawudha oyalata me tharam boru kiwwe: කවුද ඔයාලට මේ තරම් බොරු කිව්වේ

by Ven. Kiribathgoda Gnananandha Thero — පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි

සමාජය තුළ පවතින වැරදි මත පිළිබඳව සරලව ප්‍රශ්න කෙරෙන අපූර්ව ග්‍රන්ථයකි.

Kalpanalokaya - කල්පනා ලෝකය

by Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්‍ර

කවියා හෝ චිත්‍රකරුවා හෝ මූර්ති ශිල්පියා මවන ලෝකය අභව්‍ය ලෝක නොව, "විය හැකි ලෝකය" ය. කරුණු මෙසේ හෙයින් The Imaginary World යන අර්ථයෙන් වෙනත් සාහිත්‍ය කල්පනා ලෝකයක් සේ සැළකිය හැකි බව පෙනේ.

Jeevithaya ha neethiya: ජීවිතය හා නීතිය

by Nilantha Hettige — නිලන්ත හෙට්ටිගේ

එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන නීති දැනුම අන්තර්ගත කරමින් සකස් කළ කෘතියකි.

Jathyanuragaya - ජාත්‍යනුරාගය

by K.N.O. Dharmadhasa - කේ. එන්. ඕ. ධර්මදාස

ජාතිකවාදය නම් සුවිසල් විෂයය අරභයා මූලික හැඳින්වීමක් සහිත ඉතා වටිනා ග්‍රන්ථයකි.

Jathaka Sahithyaya thulin pilibimbu vana bauddha AcharaDarma - ජාතක සාහිත්‍යය තුළින් පිළිබිඹු වන බෞද්ධ ආචාර ධර්ම

by Mahalle Wipulathiss Thero - මාහල්ලේ විපුලතිස්ස හිමි

පොදුජන ජීවිතය සමග දැඩි සබඳතාවක් පවත්වනු ලබන ජාතක කථා ක්ෂේත‍්‍රය හා සම්බන්ධ ආචාර ධර්මයන් බෞද්ධ සාහිත්‍යාගත සෙසු මූලික පෙළපොත් සමඟ තුලනාත්මක ව පුළුල් ලෙස විමර්ශනයකට ලක් කරමින් රචිත ඉතා ප්‍රයෝජනවත් කෘතියකි.

Ithin wassa kada haluna: ඉතින් වැස්ස කඩා හැලුණා

by Jayathilaka de Silva — ජයතිලක ද සිල්වා

අධ්‍යතන ආසියා, අප්‍රිකා සාහිත්‍යයෙන් තෝරා ගත් කෙටි කතා එකතුවකි.

ithihasaya ma nidhos karawi: ඉතිහාසය මා නිදොස් කරාවි

by Jayathilaka de Silva — ජයතිලක ද සිල්වා

කියුබානු විප්ලවයේ පළමු වෙඩිමුරය වූ 1953 මොන්කාඩා ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට පත්වී තමා වෙනුවෙන් ම අධිකරණයේ පෙනී සිටිමින් ඉදිරිපත් කළ, පසු කලෙක එරට ශ්‍රේෂ්ඨ නායකයා වූ ෆිඩෙල් කැස්ත්‍රෝගේ කරුණු දැක්වීම මෙහි දැක්වේ.

Igilennata sihina dhakimi: ඉගිලෙන්නට සිහින දකිමි

by D.M.S. Ariyarathna — ඩී.එම්.එස්. ආරියරත්න

සැම දා බිත්තර දැමූවත් කිසිදාක බිත්තර රැක තමාගේම පැටවෙකු බිහි කිරීමට වරම් නොලැබූ කිකිලියකගේ දරු සිහිනය පිළිබඳව ලියැවුණු අපූර්ව නවකතාවකි.

history7

by Panel of experts of the ministry of Education Sri Lanka. - අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය විශේෂඥ මණ්ඩලයක් විසිනි.

නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ රජය මගින් නොමිලයේ බෙදාහැරීම සඳහා ලබා දී ඇති 07 ශ්‍රේණිය සඳහා වන ඉතිහාසය විෂයට අදාළ පාඨ ග්‍රන්ථයයි.

Hima kumarige yaluvo - හිමකුමරිගේ යහළුවෝ

by Nirodha Satyanjali Kavikumara - නිරෝධා සත්‍යාංජලී කවිකුමාර

ළමුන් සඳහා ම රචිත ඉතාම රසවත් කථාන්තරයකි.

Health and physical education Grade 07 - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය 7 ශ්‍රේණිය

by A panel of experts of the ministry of education - අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය විශේෂඥ මණ්ඩලයක් විසිනි.

2016 වසරේ සිට 07 වන ශ්‍රේණියේ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂය සඳහා රජය විසින් නිර්දිෂ්ඨ ග්‍රන්ථයයි.

Havata dhige gedhara bala: හාවැට දිගේ ගෙදර බලා

by Senani Dharmarathna — සේනානි ධර්මරත්න

වර්ෂ 1930 ගණන්වල දී බටහිර ඔස්ට්‍රේලියාවේ වයඹදිග පෙදෙසේ පර්ත් නගරයෙන් උතුරට වන්නට පිහිටි ‘මුරේ ගංගා ස්වදේශික නිවස්නයේ සිට, ආපසු ජිගලොංහි පිහිටි තම නිවස බලා ඇබරජීනු දැරියන් තිදෙනෙකු විසින් සිදු කළ දුශ්කර සහ වික්‍රමාන්විත පාගමන මුල් කර ගනිමින් එරට ස්වදේශික ජනජීවිතයට සුදු ජනයාගෙන් එල්ල වුණු පීඩනයන් ද චිත්‍රණය කරමින් සකස් වූ ඉතා වටිනා කෘතියකි

Hath Adiye Kawi - හත් අඩියේ කවි

by Lakshman Kahatapitiya - ලක්ෂ්මන් කහටපිටිය

පසුගිය කාල පරිච්ඡේදය තුළ ඇසූ දුටු, අත් විඳි සමාජ සංසිද්ධීන් රැසක් විෂය කොට ගනිමින් ලියූ කාව්‍ය නිර්මාණ රැසක් ‘හත් අඩියේ කවි‘ කෘතියට අන්තර්ගත වේ.

Hari puduma iskole - හරි පුදුම ඉස්කෝලේ

by Leelanandha Gamaachchi - ලීලානන්ද ගමාච්චි

නිදහස, විනෝදය හා ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුළදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ.

Handha paluwa thani tharuwa: හඳ පලුව තනි තරුව

by Nishshankha Wijemanna — නිශ්ශංක විජේමාන්න

ආදරය මැදින්ගලා යන ශ්‍රී ලංකාවේ මහියංගණ ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් පිරිසකගේ ජීවිත නිරූපණය කෙරෙන නවකතාවකි.

Grigori kothovski: ග්‍රිගෝරි කොතොව්ස්කි

by Malrenu Kasthurirathna — මල්රේණු කස්තුරිරත්න

සෝවියට් දේශයේ රතු හමුදාවේ සිටි නායක විරුවෙකු වූ ග්‍රිගෝරි ඉවානොවිච් කොතොව්ස්කි පිළිබඳව ළමයින් තුළ ජාත්‍යාලය නැංවෙන අයුරින් සකස් කරන ලද කුඩා කෘතියකි

goduruLoba - ගොදුරු ලොබ

by A.V. Suraweera - ඒ. වී. සුරවීර

මාගේ ගොදුරු ලොබ නම් කෙටිකතා සංග්‍රහය ප්‍රකාශයට පත් වූයේ 1973 වර්ෂයේදීය. ගොදුරු ලොබ කෘතියේ නව මුද්‍රණයක් සකස් කිරීම සඳහා සෝදුපත් බැලීමේදී උසස් කෙටිකතා වශයෙන් ඒ එක් එක් කතාව සාධනීය ලක්ෂණයන්ගෙන් මෙන්ම අඩුපාඩුවලින්ද සමන්විත බව මට පෙනී ගියේය. එහෙත් මේ අවස්ථාවේ ඒ කතාවල ලොකු වෙනස්කම් කිරීමට අදහස් නොකෙළෙමි. නිර්මාණ ලේඛකයෙකු අතින් මුළු ජීවිත කාලය පුරා උසස් ගණයෙහි ලා සැලකෙන චිරස්ථායි කෘති කීපයක් පමණක් සම්පාදනය වී ඇත්නම් ඒ ප්‍රමාණවත් වන්නේය. මේ අතින් සලකන කල මේ කෘතියෙහිද සාර්ථක රචනා ලෙස මා සෑහීමට පත් වන නිර්මාණ කීපයක් හෝ සංග්‍රහ වී ඇති බව පෙනේ.

giraya - ගිරය

by Punyakanthi Wijenayaka - පුණ්‍යකාන්ති විජේනායක

ගිරය තමා අතට ගත් තැනැත්තා ගේ සිතැඟි ඉටු කිරීමට සැරසී සිටින ගැහැනියකට සමාන ය යන හැඟීමක් මා තුළ පහළ විය. සැබැවින් ම මේ ගිරය කුතුහලය අවුස්සන ඉතා සුන්දර කෞතුක වස්තුවකි. මට එය සිතින් බැහැර කළ නොහැකි වූ අතර ඒ ගැන සොයා බැලීමට මා තුළ කුතුහලයක් ඇති විය.

Gini Diya Pokuna - ගිනි දිය පොකුණ

by Galpothugoda Sudhath Chandra - ගල්පොතුගොඩ සුදත් චන්ද්‍ර

ගිනි දිය පොකුණ නමැති මෙම කෙටි කතා සංග‍්‍රහය විවිධ තේමාවන් ප‍්‍රස්තුත කර ගත් කෙටි කතා එකොළහකින් සමන්විත ය.

Geography Grade 07 - භූගෝල විද්‍යාව 07 ශ්‍රේණිය

by Panel of experts of the ministry of education Sri Lanka - අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය විශේෂඥ මණ්ඩලයක් විසිනි.

07 වන ශ්‍රේණියේ භූගෝල විද්‍යාව විෂය සඳහා රජය විසින් නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයයි.

Refine Search

Showing 26 through 50 of 103 results