Browse Results

Showing 51 through 75 of 103 results

kelehi Gunaya - කෙළෙහිගුණය

by Dickman Wijesinghe - දික්මන් විජේසිංහ

යෞවණයන් සඳහා ම රචිත ඉතාම රසවත් කථාන්තරයකි.

Musala Kathawak - මූසල කතාවක්

by N. Sirisena - එම්. සිරිසේන

ඇන්ටන් චෙකොව්ගේ A Dull Story නම් කෘතියෙහි පරිවර්තනය යි.

Andhura vinividha eliya dhakinnata: අඳුර විණිවිද එලිය දකින්නට

by Ven. Kiribathgoda Gnananandha Thero — පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි

වාද විවාදවලින් ආකූල ව්‍යාකූලව සිටින නූතන මිනිසාට අධර්මයෙන් ධර්මය වෙන් කර ගැනීමට සහය වීමේ අරමුණින් ලියැවුණු බෞද්ධ ග්‍රන්ථයකි.

Araliyamal aramaya: අරලිය මල් ආරාමය

by Jayasena Jayakodi — ජයසේන ජයකොඩි

තමා වෙත පැමිණෙන අනේකවිධ අභියෝග හමුවේ නොසැලී පිළිවෙත් පුරන, අපේ කාලයේ බුදු පුතෙකුගේ ජීවන චරිතයෙන් බිඳක් මෙහි දැක්වේ.

Autswich premaya: අවුට්ශ්විට්ස් ප්‍රේමය

by Ravindra Wijewardhana — රවීන්ද්‍ර විජේවර්ධන

චෙකොස්ලෝවැකියානු ජාතික සිනමා නිළියක වූ හනා ප්‍රෞදා, නට්සීන්ගේ අත්අඩංගුවට පත්විමෙන් අනතුරුව අඋට්ස්විච් ඝාතන කඳවුරේ සිටිය දී තම සැමියා වූ සාෂා මොන්ක් ද තමා වටා දළුළමින් නැගෙමින් පැවති මරණයේ භීෂණයත් මුදාහරිමින් ලියූ කටුසටහන් පෙල අනුව සකස් වූ කෘතියකි.

Avabodhayenma dhambadiva wandhana karamu: අවබෝධයෙන්ම දඹදිව වන්දනා කරමු

by Ven. Kiribathgoda Gnananandha Thero — පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි

දඹදිව බුද්ධ භූමි වන්දනාවේ යන සැදැහැවතුන් හට මාර්ගෝපදේශකත්වය ලබාදෙන වටිනා ග්‍රන්ථයකි.

Bakusu hande abhirahasa: බකුසු හඬේ අබිරහස

by Leelanandha Gamachchi — ලීලානන්ද ගමාච්චි

සුප්‍රකට රහස් පරීක්ෂක ෆෙන්ටන් හාඩිගේ පුතුන් දෙදෙනා ඔවුන්ගේ මිතුරන් හා එක්ව මහා පරිමානයේ අභ්‍යාවකාශ උපකරණ කොල්ලයක් අනාවරණය කර ගන්නා අයුරු දැක්වෙන වීර යොවුන් නවකතාවකි.

Balan sandha e nadhiya: බලන් සඳ ඒ නදිය

by K.A.N. Perera — කේ.ඒ.එන්. පෙරේරා

මෝහන නිද්‍රාවට පත්ව ඉතාම නිවැරදිව විශ්මයජනක ලෙස පුද්ගල ව්‍යාධීන් විස්තර කළ, ඇමරිකාවේ ජීවත් වූ එඩ්ගාර් කේසිගේ ජීවිත කතාව මෙහි සිංහල බසට නගා ඇත.

Badde kulawamiya: බැද්දේ කුලවමිය

by Rupa Shriyani Ekanayaka — රූපා ශ්‍රියානි ඒකනායක

තම සිතිවිලිවල හැසිරීම වටහා ගත නොහැකිව, එකිනෙකාගේ අභිලාශයන් හඳුනාගත නොහැකිකමින් හටගන්නා ජීවිතයේ දුශ්කරතාවලින් මිරිකුණු පුද්ගල චරිතවල ඛේදවාචකය මෙම නවකතාව මගින් නිරූපණය කර ඇත.

Bhava sarana: භව සරණ

by Siddhi Markas Dias — සිද්දි මාකස් ඩයස්

සමාජයේ විවිධ තේමාවන් පසුබිම් කොට රචිත කෙටි කතා කිහිපයක් මෙහි ඇතුළත් වේ.

Bindhunu bilindha: බිඳුණු බිළිඳා

by Dilipa Jayakodi — දිලීප ජයකොඩි

තමාගේ මව. පියා සහ තවත් වැඩිහිටියන් ගණනාවක් අතින් අපචාරයට ලක්වූ අට හැවිරිදි දැරියකගේ හද සසල කරවන අනුවේදනීය සත්‍ය කතාවකි.

Budhun wadhala dharmaya: බුදුන් වදාළ ධර්මය

by Ven. Walpola Rahula Thero — පූජ්‍ය වල්පොල රාහුල හිමි

මෙම ග්‍රන්ථය වනාහි, පැරණි නිකාය ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්මයන්, හැම දෙනාට ම තේරුම්ගත හැකි වන පරිද්දෙන් පැහැදිලි කොට ලියන ලද විවරණයකි.

Budhuwaru dheviwaru saha yakshayo: බුදුවරු, දෙවිවරු සහ යක්ෂයෝ

by Sarathchandra Jayakodi — සරත්චන්ද්‍ර ජයකොඩි

පුරාතන ප්‍රඥාවේ මහිමය පිළිබඳ පර්යේෂණාත්මක තොරතුරු මෙම කෘතියෙන් ප්‍රකට වේ. ඇලෙක්සැන්ඩ්‍රා ඩේවිඩ් නීල් ලාමාවරිය ටිබෙටයේ සිට පැවත්වූ පර්යේෂණ පිළිබඳ තොරතුරු මෙම කෘතියෙහි දැක්වේ.

Chiththaweshaya: චිත්තාවේශය

by Susantha de Silva — සුසන්ත ද සිල්වා

සමාජයේ වෙසෙන විවිධ පුද්ගලයන්ගේ චරිත ස්වභාවයන් මනෝවිද්‍යාත්මකව විග්‍රහ කෙරෙන සිදුවීම් පෙලක් මෙහි දැක්වේ.

Dathin dasata: දෑතින් දෑසට

by W. Rupasingha Perera — ඩබ්. රූපසිංහ පෙරේරා

මෙරට ජිවත් වන දෘශ්‍යාබාධිතයින් පිළිබඳව කරුණු ඇතුළත් නිබන්ධනයකි

Dhedhunu thotilla: දේදුණු තොටිල්ල

by Sadharshi Kusumwarsha Ranasingha — සදර්ෂි කුසුම්වර්ෂා රණසිංහ

එකිනෙකට වෙනස් සියුම් ගති ස්වභා ඇති සොයුරියන් දෙදෙනෙකුගේ සුන්දර ළමා විය පිළිබිඹු කෙරෙන ළමා නවකතාවකි

E ama geethaya: ඒ අමා ගීතය

by Ven. Kiribathgoda Gnananandha Thero — පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි

අපගේ බුදුරජාණන් වහන්සේගේ ඒ වීර චරිතාපදානය නව කතාවක් ලෙසින් මෙම කෘතිය මගින් ඉදිරිපත් කෙරෙයි

Elmo pranandhu kolamba sita: එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට

by Wijith Kumara Senarathna — විජිත් කුමාර සේනාරත්න

හිටපු ප්‍රවීන මාධ්‍යවේදියෙකු වූ එල්මෝ ප්‍රනාන්දු මහතාගේ සංක්ෂිප්ත ජීවිත කතාව විස්තර කිරීමට සකස් වූ ග්‍රන්ථයකි

Grigori kothovski: ග්‍රිගෝරි කොතොව්ස්කි

by Malrenu Kasthurirathna — මල්රේණු කස්තුරිරත්න

සෝවියට් දේශයේ රතු හමුදාවේ සිටි නායක විරුවෙකු වූ ග්‍රිගෝරි ඉවානොවිච් කොතොව්ස්කි පිළිබඳව ළමයින් තුළ ජාත්‍යාලය නැංවෙන අයුරින් සකස් කරන ලද කුඩා කෘතියකි

Havata dhige gedhara bala: හාවැට දිගේ ගෙදර බලා

by Senani Dharmarathna — සේනානි ධර්මරත්න

වර්ෂ 1930 ගණන්වල දී බටහිර ඔස්ට්‍රේලියාවේ වයඹදිග පෙදෙසේ පර්ත් නගරයෙන් උතුරට වන්නට පිහිටි ‘මුරේ ගංගා ස්වදේශික නිවස්නයේ සිට, ආපසු ජිගලොංහි පිහිටි තම නිවස බලා ඇබරජීනු දැරියන් තිදෙනෙකු විසින් සිදු කළ දුශ්කර සහ වික්‍රමාන්විත පාගමන මුල් කර ගනිමින් එරට ස්වදේශික ජනජීවිතයට සුදු ජනයාගෙන් එල්ල වුණු පීඩනයන් ද චිත්‍රණය කරමින් සකස් වූ ඉතා වටිනා කෘතියකි

Handha paluwa thani tharuwa: හඳ පලුව තනි තරුව

by Nishshankha Wijemanna — නිශ්ශංක විජේමාන්න

ආදරය මැදින්ගලා යන ශ්‍රී ලංකාවේ මහියංගණ ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් පිරිසකගේ ජීවිත නිරූපණය කෙරෙන නවකතාවකි.

Igilennata sihina dhakimi: ඉගිලෙන්නට සිහින දකිමි

by D.M.S. Ariyarathna — ඩී.එම්.එස්. ආරියරත්න

සැම දා බිත්තර දැමූවත් කිසිදාක බිත්තර රැක තමාගේම පැටවෙකු බිහි කිරීමට වරම් නොලැබූ කිකිලියකගේ දරු සිහිනය පිළිබඳව ලියැවුණු අපූර්ව නවකතාවකි.

ithihasaya ma nidhos karawi: ඉතිහාසය මා නිදොස් කරාවි

by Jayathilaka de Silva — ජයතිලක ද සිල්වා

කියුබානු විප්ලවයේ පළමු වෙඩිමුරය වූ 1953 මොන්කාඩා ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට පත්වී තමා වෙනුවෙන් ම අධිකරණයේ පෙනී සිටිමින් ඉදිරිපත් කළ, පසු කලෙක එරට ශ්‍රේෂ්ඨ නායකයා වූ ෆිඩෙල් කැස්ත්‍රෝගේ කරුණු දැක්වීම මෙහි දැක්වේ.

Ithin wassa kada haluna: ඉතින් වැස්ස කඩා හැලුණා

by Jayathilaka de Silva — ජයතිලක ද සිල්වා

අධ්‍යතන ආසියා, අප්‍රිකා සාහිත්‍යයෙන් තෝරා ගත් කෙටි කතා එකතුවකි.

Jeevithaya ha neethiya: ජීවිතය හා නීතිය

by Nilantha Hettige — නිලන්ත හෙට්ටිගේ

එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන නීති දැනුම අන්තර්ගත කරමින් සකස් කළ කෘතියකි.

Refine Search

Showing 51 through 75 of 103 results