- Table View
- List View
sinhala lakuna - සිංහල ලකුණ.
by Martin Wickramasinghe - මාර්ටින් වික්රමසිංහමා මේ සිංහල ලකුණ ලියුවේ වැඩි වෙහෙසකින් හා අඩු සන්තෝෂයකිනි. එසේ ලියූ පිටපත නැවත කියවමින් සකස් කිරීමෙහිදී මා ලැබුවේ, දුක සේ වැදු තම දරුවා හදන මවක, ඒ දරුවා සුන්දර මුහුණක් හා අඟපසඟ ද ඇතිව වැඩෙනු බලා ලබන සන්තෝෂය වැනි සන්තෝෂයකි. සිංහල ලකුණ මුද්‍රණය කෙරෙන අවස්ථාවෙහි ශුද්ධිපත්‍ර කියවීමෙන් හා සකස් කිරීමෙන් මා ලැබූ සන්තෝෂය තම දරුවා ‘දත් කැකුළු පා සිනාසී බොළඳ බස් කියා සියලඟ දූලි ගා' කෙළිනු දකින මව ලැබූහ යි කියන සන්තෝෂයට නොඅඩු වූවකි.
sudamSaBava - සුදම් සභාව
by Sarath Wijesuriya - සරත් විජේසූරියමේ නවකතාව, කුලය, ධනය සහ සිවිල් බලය රටක සමාජ සංස්කෘතික ජීවිතයට කරන බලපෑම නිරූපණය කරන ප්‍රබන්ධයකි. කිසිම කුලයකට, ජාතියකට, ආගමකට හෝ වෙනත් කවරාකාර වූ සමාජ සංස්ථාවක් අපහාසයට ලක් කිරීමේ ද්වේෂ සහගත අරමුණක් කතුවරයා සතු නොවේ.
vilasiniyakage premaya - විලාසිනියකගේ ප්‍රේමය
by Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්රසංස්කෘත කාව්‍ය වංශයෙහි, ගද්‍ය පද්‍ය දෙක මිශ්‍ර වූ චම්පු කාව්‍ය නමින් හැඳින්වෙන රචනා විලාසය අනුගමනය කරමින් ලියන ලද මේ කථාවට ආශ්‍රයභූත වූයේ “කණවේර ජාතකය” නම් වූ ජාතකයේ වස්තු බීජය ය. මේ ජාතකය එතරම් ප්‍රකට වූවක් නො වේ. ජාතක පොතේ ඇතැම් මුද්‍රිත පිටපත්වල එය “කරවෙර ජාතකය” කියා හැඳින්වේ. එහෙත් වචනයේ නිවැරදි රූපය “කණවෙර” විය යුතුයැයි හඟිමි.novel