Browse Results

Showing 26 through 50 of 103 results

Catholicism Grade 07 - කතෝලික ධර්මය 07 වන ශ්‍රේණිය

by Panel of experts of the ministry of education Sri Lanka - අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය විශේෂඥ මණ්ඩලයක් විසිනි.

07 වන ශ්‍රේණියේ කතෝලික ධර්මය විෂය සඳහා රජය විසින් නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයයි.

Chiththaweshaya: චිත්තාවේශය

by Susantha de Silva — සුසන්ත ද සිල්වා

සමාජයේ වෙසෙන විවිධ පුද්ගලයන්ගේ චරිත ස්වභාවයන් මනෝවිද්‍යාත්මකව විග්‍රහ කෙරෙන සිදුවීම් පෙලක් මෙහි දැක්වේ.

Dangakara Valas Patiya - දඟකාර වලස් පැටියා

by Dadhigama V. Rodrigo - දැදිගම වි. රුද්‍රිගු

කුඩා කල ළමුන්ගේ දඟකාරකම් නිසි හික්මීමකින් තොරව වර්ධනයට ඉඩ හැරීමෙන් පසුකාලීනව ඔවුන් තුළ ගොඩනැගෙන අපගාමී පෞර්ෂ ලක්ෂණ තුළින් පවුල් ඒකකය මෙන්ම සමාජය ද දුෂ්කරතාවන්ට ලක්වන බව තේමා කොට ගනිමින් රචිත ඉතාම රසවත් කථාන්තරයකි.

Dangakara lama diviya - දඟකාර ළමා දිවිය

by C. Abhaya Thanne - සී. අභය තැන්නේ

ජීවිතයේ සැඳෑ සමය එළඹෙන විට ආපසු හැරී බැලීම පුද්ගලයින්ගේ සාමාන්‍ය සිරිතය. විසිවන ශත වර්ෂයේ තෙවන භාගයේ උපන් අභය තැන්නේ මහතාගේ පාසල් වියේ චමත්කාරය අගය කර මෙම ‘දඟකාර ළමා දිවිය’ යන පොත රසවත් ලෙස ලියා ඇත.

Dathin dasata: දෑතින් දෑසට

by W. Rupasingha Perera — ඩබ්. රූපසිංහ පෙරේරා

මෙරට ජිවත් වන දෘශ්‍යාබාධිතයින් පිළිබඳව කරුණු ඇතුළත් නිබන්ධනයකි

Dhedhunu thotilla: දේදුණු තොටිල්ල

by Sadharshi Kusumwarsha Ranasingha — සදර්ෂි කුසුම්වර්ෂා රණසිංහ

එකිනෙකට වෙනස් සියුම් ගති ස්වභා ඇති සොයුරියන් දෙදෙනෙකුගේ සුන්දර ළමා විය පිළිබිඹු කෙරෙන ළමා නවකතාවකි

Dheshapalana paksha nyayika handinvimak - දේශපාලන පක්ෂ න්‍යායික හැඳින්වීමක්

by Keerthi Ariyadhasa - කීර්ති ආරියදාස

මෙම කෘතියෙහි දී පක්ෂ පිළිබඳ ව බටහිර මෙන් ම බටහිර නොවන විශ්ලේෂණ කෙරෙහි අවධානයක් යොමු කරමින් පක්ෂ න්‍යාය පැහැදිලි කිරීමට උත්සාහ කෙරේ.

Drakulata erehiva sherlock holmes - ඩ්රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස්

by Chandana Mendis - චන්දන මෙන්ඩිස්

ඩ්‍රැකිවුලා පිළිබඳව ලියැවුණු රහස් පරීක්ෂක ප්‍රබන්ධයකි.

E ama geethaya: ඒ අමා ගීතය

by Ven. Kiribathgoda Gnananandha Thero — පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි

අපගේ බුදුරජාණන් වහන්සේගේ ඒ වීර චරිතාපදානය නව කතාවක් ලෙසින් මෙම කෘතිය මගින් ඉදිරිපත් කෙරෙයි

Elmo pranandhu kolamba sita: එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට

by Wijith Kumara Senarathna — විජිත් කුමාර සේනාරත්න

හිටපු ප්‍රවීන මාධ්‍යවේදියෙකු වූ එල්මෝ ප්‍රනාන්දු මහතාගේ සංක්ෂිප්ත ජීවිත කතාව විස්තර කිරීමට සකස් වූ ග්‍රන්ථයකි

Gaja muthu - ගජ මුතු

by Lalitha Somathilaka - ලලිතා සෝමතිලක

මෙම නවකතාව ලියැවී ඇත්තේ විසිවන සියවසේ මැදභාගයේ මෙරට තුළ ඇති වූ සමාජ විපර්යාසය මුල් කොට ගෙනය.

Gamburu Nihandathawa - ගැඹුරු නිහඬතාව

by Sujith Nishantha Hewage - සුජිත් නිශාන්ත හේවගේ

මෙහි සංජානනය, බෞද්ධ සමාජ විද්‍යාව හා සාරධර්ම සහ තාක්ෂණය මානව ජීව විද්‍යාව හා බුදු දහම පිළිබඳව විග‍්‍රහ කරමින් රචිත පුවත්පත් ලිපි 31කින් සමන්විත ය.

Garuthara Sangarathnayen Awasarai - ගරුතර සංඝරත්නයෙන් අවසරයි

by Sarath Wijesuriya - සරත් විජේසූරිය

මේ කෘතියෙහි කාලයක් තිස්සේ මවිසින් විවිධ මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කළ අදහස් ඇතුළත් ලිපි කීපයක් ඇතුළත් ය. මෙහි අන්තර්ගත ප්‍රධාන ලිපිය පළ වුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශය පටන් ගත් ‘සම්භාෂා’ නම් සඟරාවේ මංගල කලාපයේ ය. ඒ ලිපියට පාදක වුණේ විද්‍යාලංකාර හා විද්‍යෝදය විශ්ව විද්‍යාලවල ආරම්භයයි. ඉක්බිති ව පිරිවෙන් අධ්‍යාපනය ගැන ලියූ ලිපියක් එක් සඟරාවක් මුද්‍රණය කිරීමෙන් පසු ව දේශපාලනඥයෙකු ගේ උපදෙස් මත ඉවත් කෙරිණ. ඊට හේතුව ඒ ලිපියෙන් විද්‍යාලංකාර ප්‍රකාශය හා භික්ෂු දේශපාලනය ගැන මගේ විවරණයක් තිබීම ය.

Geography Grade 07 - භූගෝල විද්‍යාව 07 ශ්‍රේණිය

by Panel of experts of the ministry of education Sri Lanka - අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය විශේෂඥ මණ්ඩලයක් විසිනි.

07 වන ශ්‍රේණියේ භූගෝල විද්‍යාව විෂය සඳහා රජය විසින් නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයයි.

Gini Diya Pokuna - ගිනි දිය පොකුණ

by Galpothugoda Sudhath Chandra - ගල්පොතුගොඩ සුදත් චන්ද්‍ර

ගිනි දිය පොකුණ නමැති මෙම කෙටි කතා සංග‍්‍රහය විවිධ තේමාවන් ප‍්‍රස්තුත කර ගත් කෙටි කතා එකොළහකින් සමන්විත ය.

Grigori kothovski: ග්‍රිගෝරි කොතොව්ස්කි

by Malrenu Kasthurirathna — මල්රේණු කස්තුරිරත්න

සෝවියට් දේශයේ රතු හමුදාවේ සිටි නායක විරුවෙකු වූ ග්‍රිගෝරි ඉවානොවිච් කොතොව්ස්කි පිළිබඳව ළමයින් තුළ ජාත්‍යාලය නැංවෙන අයුරින් සකස් කරන ලද කුඩා කෘතියකි

Handha paluwa thani tharuwa: හඳ පලුව තනි තරුව

by Nishshankha Wijemanna — නිශ්ශංක විජේමාන්න

ආදරය මැදින්ගලා යන ශ්‍රී ලංකාවේ මහියංගණ ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් පිරිසකගේ ජීවිත නිරූපණය කෙරෙන නවකතාවකි.

Hari puduma iskole - හරි පුදුම ඉස්කෝලේ

by Leelanandha Gamaachchi - ලීලානන්ද ගමාච්චි

නිදහස, විනෝදය හා ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුළදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ.

Hath Adiye Kawi - හත් අඩියේ කවි

by Lakshman Kahatapitiya - ලක්ෂ්මන් කහටපිටිය

පසුගිය කාල පරිච්ඡේදය තුළ ඇසූ දුටු, අත් විඳි සමාජ සංසිද්ධීන් රැසක් විෂය කොට ගනිමින් ලියූ කාව්‍ය නිර්මාණ රැසක් ‘හත් අඩියේ කවි‘ කෘතියට අන්තර්ගත වේ.

Havata dhige gedhara bala: හාවැට දිගේ ගෙදර බලා

by Senani Dharmarathna — සේනානි ධර්මරත්න

වර්ෂ 1930 ගණන්වල දී බටහිර ඔස්ට්‍රේලියාවේ වයඹදිග පෙදෙසේ පර්ත් නගරයෙන් උතුරට වන්නට පිහිටි ‘මුරේ ගංගා ස්වදේශික නිවස්නයේ සිට, ආපසු ජිගලොංහි පිහිටි තම නිවස බලා ඇබරජීනු දැරියන් තිදෙනෙකු විසින් සිදු කළ දුශ්කර සහ වික්‍රමාන්විත පාගමන මුල් කර ගනිමින් එරට ස්වදේශික ජනජීවිතයට සුදු ජනයාගෙන් එල්ල වුණු පීඩනයන් ද චිත්‍රණය කරමින් සකස් වූ ඉතා වටිනා කෘතියකි

Health and physical education Grade 07 - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය 7 ශ්‍රේණිය

by A panel of experts of the ministry of education - අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය විශේෂඥ මණ්ඩලයක් විසිනි.

2016 වසරේ සිට 07 වන ශ්‍රේණියේ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂය සඳහා රජය විසින් නිර්දිෂ්ඨ ග්‍රන්ථයයි.

Hima kumarige yaluvo - හිමකුමරිගේ යහළුවෝ

by Nirodha Satyanjali Kavikumara - නිරෝධා සත්‍යාංජලී කවිකුමාර

ළමුන් සඳහා ම රචිත ඉතාම රසවත් කථාන්තරයකි.

Igilennata sihina dhakimi: ඉගිලෙන්නට සිහින දකිමි

by D.M.S. Ariyarathna — ඩී.එම්.එස්. ආරියරත්න

සැම දා බිත්තර දැමූවත් කිසිදාක බිත්තර රැක තමාගේම පැටවෙකු බිහි කිරීමට වරම් නොලැබූ කිකිලියකගේ දරු සිහිනය පිළිබඳව ලියැවුණු අපූර්ව නවකතාවකි.

Ithin wassa kada haluna: ඉතින් වැස්ස කඩා හැලුණා

by Jayathilaka de Silva — ජයතිලක ද සිල්වා

අධ්‍යතන ආසියා, අප්‍රිකා සාහිත්‍යයෙන් තෝරා ගත් කෙටි කතා එකතුවකි.

Jathaka Sahithyaya thulin pilibimbu vana bauddha AcharaDarma - ජාතක සාහිත්‍යය තුළින් පිළිබිඹු වන බෞද්ධ ආචාර ධර්ම

by Mahalle Wipulathiss Thero - මාහල්ලේ විපුලතිස්ස හිමි

පොදුජන ජීවිතය සමග දැඩි සබඳතාවක් පවත්වනු ලබන ජාතක කථා ක්ෂේත‍්‍රය හා සම්බන්ධ ආචාර ධර්මයන් බෞද්ධ සාහිත්‍යාගත සෙසු මූලික පෙළපොත් සමඟ තුලනාත්මක ව පුළුල් ලෙස විමර්ශනයකට ලක් කරමින් රචිත ඉතා ප්‍රයෝජනවත් කෘතියකි.

Refine Search

Showing 26 through 50 of 103 results