- Table View
- List View
Jathyanuragaya - ජාත්‍යනුරාගය
by K.N.O. Dharmadhasa - කේ. එන්. ඕ. ධර්මදාසජාතිකවාදය නම් සුවිසල් විෂයය අරභයා මූලික හැඳින්වීමක් සහිත ඉතා වටිනා ග්‍රන්ථයකි.
Jeevithaya ha neethiya: ජීවිතය හා නීතිය
by Nilantha Hettige — නිලන්ත හෙට්ටිගේඑදිනෙදා ජීවිතයට අවශ්‍ය වන නීති දැනුම අන්තර්ගත කරමින් සකස් කළ කෘතියකි.
Kalpanalokaya - කල්පනා ලෝකය
by Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්රකවියා හෝ චිත්‍රකරුවා හෝ මූර්ති ශිල්පියා මවන ලෝකය අභව්‍ය ලෝක නොව, "විය හැකි ලෝකය" ය. කරුණු මෙසේ හෙයින් The Imaginary World යන අර්ථයෙන් වෙනත් සාහිත්‍ය කල්පනා ලෝකයක් සේ සැළකිය හැකි බව පෙනේ.
Kawudha oyalata me tharam boru kiwwe: කවුද ඔයාලට මේ තරම් බොරු කිව්වේ
by Ven. Kiribathgoda Gnananandha Thero — පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමිසමාජය තුළ පවතින වැරදි මත පිළිබඳව සරලව ප්‍රශ්න කෙරෙන අපූර්ව ග්‍රන්ථයකි.
Mahayana mulika sankalpa - මහායාන මූලික සංකල්ප
by Madhavachchiye dhammajothi thero - මැදවච්චියේ ධම්මජෝති හිමිමහායාන සංස්කෘත ග්‍රන්ථ රචනා කර තිබෙන්නේ සමාස බහුල දීර්ඝ භාෂා ශෛලියකිනි. එහෙයින් මෙම ග්‍රන්ථයේ භාෂාව හැකි තරම් සරලව යෙදීමට උත්සාහ ගෙන ඇත.
Manasika suvaya - මානසික සුවය
by Suranga Amarakoon - සුරංග අමරකෝන්බෞද්ධ සම්ප්‍රදාය තුළ බුදුන් වහන්සේ හඳුන්වා ඇත්තේ කායික හා මානසික රෝග පිළිබඳ ශ්‍රේෂ්ඨතම විශේෂඥ වෛද්‍යවරයා ලෙසය. මක් නිසාද යත් සියලු රෝගවල උපත වන සසර දුකට උන්වහන්සේ ඖෂධ නියම කරන නිසාය.
Manava vidyava saha sinhala sanskruthiya - මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය
by Martin Wickramasingha - මාර්ටින් වික්රමසිංහමගේ මේ "මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය" සකු බමුණු ඉංගිරිසි අනුකාරකයන්ට ඔවුන්ගේ අනුකාරක සෙළුව දක්වන කැටපතක් වෙති යි සිතමි.
Me kava methanin navathami - මේ කව මෙතැනින් නවතමි.
by Lal Hagoda - ලාල් හෑගොඩමෙහි එන නිර්මාණ බොහොමයක් රාවය, ඉරිදා ලක්බිම, ඉරිදා දිවයින, හා සිළුමිණ පුවත්පත්වල පළවූ ඒවාය.
Musala Kathawak - මූසල කතාවක්
by N. Sirisena - එම්. සිරිසේනඇන්ටන් චෙකොව්ගේ A Dull Story නම් කෘතියෙහි පරිවර්තනය යි.
Navakathanga Ha Viragaya - නවකථාංග හා විරාගය
by Martin Wickramasingha - මාර්ටින් වික්‍රමසිංහමේ නිබන්ධය නවකථා කලාවෙහි ශාස්ත්‍රීය හෙවත් දර්ශනාත්මක අංග කිහිපයක් අරබයා කෙරෙන විමර්ශනයකි.
PadaYathra - පාද යාත්‍රා
by Eric Eliyaparachchi - එරික් ඉලෙයප්ආරච්චි2004 වසරේ මෙරටට බලපෑ සුනාමි කේදවාචකයට මැදි වූ චරිත කිහිපයක් වටා ගොඩනැගී ඇති නවකතාවකි..
Sandha Ginigath Sandha - සඳ ගිනිගත් සඳ
by K.B. Wanninayaka - කේ. බී. වන්නිනායකරජරට ගොවි ජන විඤ්ඤාණය පදනම් කොට ගෙන ගැමි දිවියේ අත්දැකීම් නිරූපණය කරමින් රචිත රසවත් නවකතාවකි.
Serpent's Daughter - සර්පයාගේ දියණිය
by Upeksha Nuwanshrini - උපේක්ෂා නුවන්ශ්රීනිසුනාමි ව්‍යසනයට මැදිව විවිධ ජීවිතාභියෝගවලට මුහුණ දෙන යුවතියක වටා ගෙතුණු රසවත් නවකතාවකි.
Thun pethi hathara pas pethi - තුන් පෙති හතර පස් පෙති
by Ariyavansa Ranaweera Nandhana Weerasingha - ආරියවංශ රණවීර නන්දන වීරසිංහ“සුන්දරත්වයට ආභරණ නොපලඳන්න. මුදු බවට ආභරණ බර වැඩි ය.”
Vakkalama - වක්කලම
by Jayakodi Senevirathna - ජයකොඩි සෙනෙවිරත්නමැද පෙරදිග රැකියා සොයා යාමේ ප්‍රවනතාවය නිසා පසු ගිය දස වසර තුළ ලාංකේය ජන සමාජයේ විශේෂ වෙනස්කම් කිහිපයක් ඇති විය. ජයකොඩි සෙනෙවිරත්න මේ නව සමාජ ප්‍රවනතාවයේ හොඳ නරක ඉතා අපූරු නවකතාවක් බවට පත්කොට තිබේ.
Vana petha Andagasayi - වන පෙත අඬගසයි
by Ariyawansha Ranaweera - ආරියවංශ රණවීරබක් නමින් හැඳින්වෙන සුනඛයකු වටා මෙම නවකතාව ගෙතී ඇත. මෙය මිනිසාත්, අනෙක් සතුනුත්, ස්වභාව සත්තාවත් අතර පැවතිය යුතු ගැඹුරු සහජීවනය පිළිබඳ විවරණයකි.
Visirimini - විසිරි මිණි
by Ariyawansha Ranaweera - ආරියවංශ රණවීරනිර්මාණකරුවා හැව හැරදමා යන උරගයකු සේ හැරයන හැව දෙස නැවත නොබලා ම ඉදිරියට යා යුතුයයි ප්‍රකට කියමනක් තිබේ. එහෙත්, එය එසේ ම විය යුතුදැයි කුකුසක් මා සිතෙහි විටෙක පැන නගී. නිර්මාණකරුවා සිය මුල් කෘති නිකමටවත් අවලෝකනය නො කළ යුතු ද ? අඩුතරමින් තමන් අතින් සිදුවුණු අත් වැරදි හඳුනා ගැනීමටවත්, ඔහු එසේ නො කළ යුතු ද?description
ahase tharu ha davase tharu - අහසේ තරු හා දවසේ තරු
by Shantha Hettiarachchi - වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චිඉරු රැස පුවත්පතේ පළවූ තීරු ලිපි පෙළක එකතුව තීරු ලිපි සංග‍්‍රහයක් ලෙස පිරිනැමෙන්නේ, පත පොත කියවන්නටද, ලෝකය හැකිතාක් නිවැරදිව දකින්නටද තවමත් හිත ඇති ඔබ සැමටය.
amawathura - මිලරේපා මහායෝගීන්ගේ අමාවතුර
by Ven. Higgoda Khemananda Thero - හිග්ගොඩ ඛේමානන්ද හිමිපාණෝසැබෑ භාවනානුයෝගී මනස වනාහි සංවේදී වූවක් හෙයින් එය ලෝකය දෙසට පියවි සිටීමක් නැත. නිසල මනසට වඩා වෙනස් ආකාරයට හැසිරෙන කලබලකාරී මනස වැඩි වැඩියෙන් සැප සම්පත් සොයමින්, පුරුදු මත පාවී යමින් අන්‍යයන්ගේ වේදනාවට හා අවශ්‍යතාවන්ට අසංවේදී වේ.
araliyamalAramaya - අරලියමල් ආරාමය
by Jayasena Jayakodi - ජයසේන ජයකොඩිඅට ලෝ දහමින් කම්පාවට පත් නොවී අඛණ්ඩව පිළිවෙත් පුරන, බෞද්ධ යතිවරයාණ කෙනෙකුගේ සුපේක්ෂල ශික්ෂාකාමී ජීවිතය හා බැඳුණු රසවත් කථා ප්‍රවෘත්තියක් රැගත් නවකතාවකි.
aranakataPemBanda - අරණකට පෙම් බැඳ
by Chintha lakshmi Sinharachchi - චින්තා ලක්ෂ්මී සිංහාරච්චිඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් ප්‍රදේශයේ වනගත ස්වාභාවික පරිසරය එහි සුන්දරත්වය එවැනි වනගත පරිසරයක ජීවත්වන අන්ත දිළිඳු ජනයාගේ ජීවිත අළලා ලියැවුන, ඒ දෙස හෙලන සානුකම්පිත දෘෂ්ටියකින් යුක්ත වන විශ්ව සාහිත්‍යයේ අග්‍රගන්‍ය කෘතියකි.මෙය වංග සාහිත්‍යයෙන් සිංහල පාඨකයාට ලැබෙන විශේෂිත වූ කෘතියකි.
avasanKaviya - අවසන් කාව්‍යය
by J.K.S. Samarasekara - වෛද්‍ය ජේ. කේ. ඇස් සමරසේකරනවීන සංස්කෘතියේ නිෂ්පාදනයක් වශයෙන් බෙහෙවින් වෙනස් වූ උසස් අධ්‍යාපනය ලද යුවතියක ගේ විසිතුරු දැනීම ගැඹුරු පෙළීමකට තුඩු දීමෙන් හදවත නැවත දිනා ගැනීමක් කතුවරයා පෙන්නා දෙයි. ප්‍රේමයේ උසස් බව අඩු බව - සත්‍ය බව සහ වෙනස් බව පුද්ගලයාගේ අතීත බොරු ආදරයක් දක්වන ස්ත්‍රියකගෙන් ලද ඔහුගේම දියෙහියට ගැඹුරු බව නිදහස් කිරීමේ අවංකබව මෙම නවකතාවෙන් පෙන්නා දෙයි.
bashavakaBavithayaHaVigrahaya - භාෂාවක භාවිතය හා විග්‍රහය
by J.B. Disanayaka - ජේ. බී. දිසානායකභාෂාව පිළිබඳ සිංහලයාගේ ආකල්පය ද, විසිවෙනි සියවසේ භාෂා විමර්ශකයාගේ දෘෂ්ටියට, නෑකම් කියන්නක් නොවෙයි. නූතන අපරදිග භාෂා විමර්ශකයා, මිනිසෙකු නැතිව පවා මිනිස් කටහඬ නිපදවයි; ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය, පරිගණක යන්ත්‍රයක මාර්ගයෙන් රුසියානු භාෂාවට පරිවර්තනය කරයි; භාෂාවකට අයත් ඕනෑ ම වාක්‍යයක් ජනනය කළ හැකි ශක්තියෙන් යුක්ත සූත්‍ර පද්ධතියක් සොයා ගනියි. එහෙත් සිංහල භාෂා විමර්ශකයා කුමක් කරයිද? අදත් “පරා විසින් පුටුයේ පරපුටු’ ‘දෙව්දත් මවට මැනැවි” යයි සිය දරුවාට උගන්වා, ඔහු වියරණයෙහි පරතෙරට පැමිණෙතියි සැනසෙයි; “ලඹෝරා” “වැල්ලවුරු” යයි වනපොත් කොට, බසෙහි පිරියත් බව ලැබූ නියාව අඟවා උදන් අනයි; ඉටු අනිටු ගණ පිහිටුවා නොයෙක් සෙත්කවි වස්කවි බඳියි. සිංහල භාෂා විමර්ශකයා කයින් අප හා ගැටෙමින් ජීවත් වුවත්, සිතින් දහතුන්වෙනි සියවසෙහි පමණ සැරිසරන්නෙකි. සිංහල භාෂාව නිසි ලෙස පරිහරණය කිරීමට හෝ සිංහල භාෂාවේ ස්වරූපය තත්වාකාරයෙන් වටහා ගැනීමට හෝ අනුබල නොදෙන සිංහල ව්‍යාකරණ ශාස්ත්‍රය, දහතුන්වෙනි සියවසෙන් අනතුරුව පල් වීමට පටන්ගත් දියකඩිත්තක් වැන්න.
bikshuwage urumaya - භික්ෂුවගේ උරුමය
by Most ven. Walpola Rahula thero - අග්ගමහාපණ්ඩිත ධර්මශාස්ත්‍ර ශිරෝමණී ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පූජ්‍ය වල්පොළ ශ්‍රී රාහුල මහාචාර්යපාදයන් වහන්සේ විසිනි.බ්‍රිතාන්‍ය පාලන සමය තුළ වසර හතළිහක පමණ කාලයක් ජීවත්ව අත්දැකීම් සහිතව සිටි රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘භික්ෂුවගේ උරුමය’ කෘතිය ලියන්නේ එකී යටත් විජිත පාලන සමය හමාර වීමට ආසන්න වෙමින් පවතිද්දී යි. යටත්විජිත පාලන සමය තුළ සමාජ කටයුතුවලින් ඉවත් කොට පංසල්වලට සීමාකොට තිබූ භික්ෂු චරිතයට වඩාත් වැදගත් සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීම සඳහා වන ඓතිහාසික උරුමයක් ඇත යන්න මෙම කෘතිය තුළ රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉතා ශක්තිමත් සාධක සහිතව ඉදිරිපත් කරන තර්කයයි. රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උත්සාහය වූයේ භික්ෂුවට අහිමිව ගොස් තිබූ එම ඓතිහාසික සමාජ නායකත්වය නැවත ලබාගැනීම ලෙස මෙම කෘතිය අද කියවන ඇතැම් කෙනෙකුට සිතෙනවා ඇත.
bim Geyata Sanda Awith - බිම් ගෙයට සඳ ඇවිත්
by Nandun Yasitha Dasanayaka - නඳුන් යසිත දසනායකසත් වසරකට ආසන්න කාලයක් තිස්සේ විවිධ පුවත්පත් කවි පිටු සඳහා කාව්‍ය නිර්මාණ සැපයූ නඳුන් යසිත දසනායකගේ කවි ඒක්රැස් කොට සංග්‍රහ කරන ලද කාව්‍ය සංග්‍රහයකි.