- Table View
- List View
birindak Avadi vei - බිරිඳක් අවදිවෙයි
by Siri Ediriweera - සිරි එදිරිවීරසරසවියේ දී අප්‍රකාශිත ප්‍රේමය සහ පවුල් ජීවිතය අතර ගැටුමට මැදිවන කාන්තාවකගේ චරිතය වටා ගෙතුණු නවකතාවකි.
bonjin Agaradaguru - බොන්ජින් අගරදගුරු
by W.L.A. Don Peter - ඩබ්ලිව්. එල්. ඒ. දොන් පීටර් පියතුමාගොඩගේ ආයතනය මගින් ක්‍රියාත්මක කරන ලද කිතුණු ග්‍රන්ථ ව්‍යාපෘතිය යටතේ සකස් වූ කෘතියකි.
budhdhaDharmaya7 - බුද්ධ ධර්මය 07 වන ශ්‍රේණිය
by Panel of experts of the ministry of education - අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය විශේෂඥ මණ්ඩලයක් විසිනි.නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවාසී පාසල් සිසුන් වෙත රජය මගින් නොමිලයේ ලබා දෙනු ලබන 07 ශ්‍රේණිය සඳහා වන බුද්ධ ධර්මය පෙල පොතයි.
budun wadala darmaya - බුදුන් වදාළ ධර්මය
by Ven. walpola shri Rahula thero - වල්පොළ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ විසිනි.බටහිර රටවල ප්‍රයෝජනය සඳහා මුලින් ම ඉංග්‍රීසියෙන් ලියූ ‘What the Buddha Taught’ නම් වූ කෘතියෙහි සිංහල පරිවර්තනය යි.
chatarliAryavagePemvatha - චැටර්ලි ආර්යාවගේ පෙම්වතා
by Shyaman Hemakkodi - ශ්‍යාමන් හේමකොඩිචැටර්ලි ආර්යාවගේ පෙම්වතා 1928 දී ඉතාලි ග්‍රන්ථ ප්‍රකාශකයෙකු වූ ජුසෙප්පි පීනෝ ඔරියෝලි - Giuseppe "Pino" Orioli (1884-1942) ගේ සහාය මත පළමු වතාවට පුද්ගලික ප්‍රකාශනයක් ලෙස ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේදී එළි දුටුවේය. කෘතියේ පැවති කතා පුවත, ලිංගික සබඳතා පිළිබඳ විස්තරාත්මක සටහන් මෙන්ම අසභ්‍ය යැයි සලකන ලද වචන හේතුවෙන් බ්‍රිතාන්‍ය ග්‍රන්ථ ප්‍රකාශකයෝ එය මුළුමනින්ම පළ කිරීමෙන් වැළකී සිටියෝය.
civics7 - පුරවැසි අධ්‍යාපනය 7 ශ්‍රේණිය
by Panel of experts of the ministry of education Sri Lanka. - අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය විශේෂඥ මණ්ඩලයක් විසිනි.නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ රජය මගින් නොමිලයේ බෙදා දීම පිණිස සකසන ලද 07 ශ්‍රේණිය සඳහා වන පුරවැසි අධ්‍යාපනය විෂය පෙල පොතයි.
dandu Thuragaya - දඬු තුරඟය
by Dharmasena Gunasekara - ධර්මසේන ගුණසේකරදඬු තුරඟය කර්තෘ අතින් සිංහලට නැඟෙන චීන ජනකතා පෙළක තෙවැන්නයි.
giraya - ගිරය
by Punyakanthi Wijenayaka - පුණ්‍යකාන්ති විජේනායකගිරය තමා අතට ගත් තැනැත්තා ගේ සිතැඟි ඉටු කිරීමට සැරසී සිටින ගැහැනියකට සමාන ය යන හැඟීමක් මා තුළ පහළ විය. සැබැවින් ම මේ ගිරය කුතුහලය අවුස්සන ඉතා සුන්දර කෞතුක වස්තුවකි. මට එය සිතින් බැහැර කළ නොහැකි වූ අතර ඒ ගැන සොයා බැලීමට මා තුළ කුතුහලයක් ඇති විය.
goduruLoba - ගොදුරු ලොබ
by A.V. Suraweera - ඒ. වී. සුරවීරමාගේ ගොදුරු ලොබ නම් කෙටිකතා සංග්‍රහය ප්‍රකාශයට පත් වූයේ 1973 වර්ෂයේදීය. ගොදුරු ලොබ කෘතියේ නව මුද්‍රණයක් සකස් කිරීම සඳහා සෝදුපත් බැලීමේදී උසස් කෙටිකතා වශයෙන් ඒ එක් එක් කතාව සාධනීය ලක්ෂණයන්ගෙන් මෙන්ම අඩුපාඩුවලින්ද සමන්විත බව මට පෙනී ගියේය. එහෙත් මේ අවස්ථාවේ ඒ කතාවල ලොකු වෙනස්කම් කිරීමට අදහස් නොකෙළෙමි. නිර්මාණ ලේඛකයෙකු අතින් මුළු ජීවිත කාලය පුරා උසස් ගණයෙහි ලා සැලකෙන චිරස්ථායි කෘති කීපයක් පමණක් සම්පාදනය වී ඇත්නම් ඒ ප්‍රමාණවත් වන්නේය. මේ අතින් සලකන කල මේ කෘතියෙහිද සාර්ථක රචනා ලෙස මා සෑහීමට පත් වන නිර්මාණ කීපයක් හෝ සංග්‍රහ වී ඇති බව පෙනේ.
history7
by Sri Lanka. - අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය විශේෂඥ මණ්ඩලයක් විසිනි. Panel of experts of the ministry of Educationනිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ රජය මගින් නොමිලයේ බෙදාහැරීම සඳහා ලබා දී ඇති 07 ශ්‍රේණිය සඳහා වන ඉතිහාසය විෂයට අදාළ පාඨ ග්‍රන්ථයයි.
ithihasaya ma nidhos karawi: ඉතිහාසය මා නිදොස් කරාවි
by Jayathilaka de Silva — ජයතිලක ද සිල්වාකියුබානු විප්ලවයේ පළමු වෙඩිමුරය වූ 1953 මොන්කාඩා ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට පත්වී තමා වෙනුවෙන් ම අධිකරණයේ පෙනී සිටිමින් ඉදිරිපත් කළ, පසු කලෙක එරට ශ්‍රේෂ්ඨ නායකයා වූ ෆිඩෙල් කැස්ත්‍රෝගේ කරුණු දැක්වීම මෙහි දැක්වේ.
keerthiWalisarageToragathKetiKatha - කීර්ති වැලිසරගේගේ තෝරා ගත් කෙටි කථා
by Keerthi Walisarage - කීර්ති වැලිසරගේසම්මානනීය ලේඛක කීර්ති වැලිසරගේ ලියූ ප්‍රථම කෙටිකතා සංග්‍රහය ගස් කට්ටිය (1994) සිට මේ වන විට ප්‍රකාශිත අලුත් ම කෙටිකතා සංග්‍රහය ‘සංක්‍රාන්ති’ (2012) දක්වා කෙටිකතා සංග්‍රහ නවයක පළ වූ කෙටිකතා අසූ පහක් අතරින් තෝරාගත් කෙටිකතා ඇතුළත් කෘතියකි මේ. මෙවැන්නක් පළ කිරීමේ අරමුණ වූයේ ඔහුගේ විවිධ ප්‍රවණතා පිළිබිඹු කරන කෙටිකතා පාඨකයින්ට ද පහසුවෙන් පරිහරණය කිරීමට අවස්ථාවක් ලබා දීම ය.
kelehi Gunaya - කෙළෙහිගුණය
by Dickman Wijesinghe - දික්මන් විජේසිංහයෞවණයන් සඳහා ම රචිත ඉතාම රසවත් කථාන්තරයකි.
kudappa - කුඩප්පා
by Madawala S. Rathnayaka - මඩවල එස්. රත්නායකවිවිධ අනුභූතීන් ඔස්සේ ලියැවුණු කෙටි කථා සංග්‍රහයකි.
mahapurushayekutaBirindakVi - මහා පුරුෂයෙකුට බිරිඳක්ව
by Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති.“මහා පුරුෂයෙකුට බිරිඳක්ව” නම් මෙම කෘතියෙන් විස්තර වන්නේ මෙම මහා ලේඛකයාගේ විවාහයේ සිට මරණය තෙක් ජීවිතයත්, ඔහුගේ ළාබාල රූමත් බිරිඳගේ ජීවිතයත්ය. ඔවුන්ගේ “දීර්ඝ දෙව් අපා යුගදිවි නාටකය”ත්ය.
maname - මනමේ නාටකය
by Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්රමනමේ කථාව කෝලම් සම්ප්‍රදායෙන් හා කවිවලින් මෙතෙක් කල් ගම්බද ව රඟ දැක්වුණු නමුදු, එය නාඩගම් සම්ප්‍රදාය අනුව රඟ දැක්වීම සඳහා රචනා කරන ලද පළමු වතාව මේ ය. නාඩගම් සම්ප්‍රදාය පදනම් කොට ගෙන මේ නාට්‍යය රචනා කළ මා විසින්, පැරණි නාඩගම් සම්ප්‍රදායට අයත් සියලු අංගයන් ම අනුගමනය නොකරන ලදි. බහුබූත, සෙල්ල පිල්ලෙ ආදී නළුවන්ගේ රැඟුම් ඇත්ත වශයෙන් නාට්‍යයට සම්බන්ධ නොවන හෙයින්, මා විසින් ඒවා බැහැර කරන ලදී. එසේ නමුදු, නාඩගම් ශෛලියට අවශ්‍ය වූ හැම සිරිතක් ම මෙහි රක්නා ලදයි කියනු කැමැත්තෙමි. දේශීය සම්ප්‍රදාය, ඉදිරියට අප අතර පැලපදියම් වීමට නම්, වර්තමාන රසිකයන්ගේ රුචිය ද මදක් සැලකිය යුතු ය යනු කවුරුන් විසින් වූව ද පිළිගනු ලැබේය යි සිතමි. මේ නාටකය රචනා කරන අතර බොහෝ කාලයක් මුළුල්ලේ නාඩගම් නිෂ්පාදනය කර විශාල පළපුරුද්දක් ඇති අම්පෙ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ සමග සාකච්ඡා කොට, බැහැර කළ යුතු දේ බැහැර කොට, ඇතුළත් කළ යුතු දේ ඇතුළත් කොට, මෙසේ මේ නාටකයේ ආකෘතිය සකස් කරන ලද බව පවසනු කැමැත්තෙමි.
nidahasa soya giya gamanak1 - නිදහස සොයා ගිය ගමනක් 1
by Mahindha Haththaka - මහින්ද හත්තකචරිත කතාවත්, නවකතාවත් අතර වැඩි වෙනසක් නැතැයි මට සිතුණේ නෙල්සන් මැන්ඩෙලාගේ චරිත අපදානය කියවීමෙනි. නව කතාවක රසය උද්දීපනය කිරීම සඳහා ඇතැම්විට මනඃකල්පිත චරිත හා සිද්ධීන් ඇතුළත් කෙරේ. මැන්ඩෙලාගේ චරිත කතාවටත් එවැනි සිද්ධීන් අපමණ ඇතුළත් වන නිසා එය එක් අතකින් නවකතාවක් සේ සැලකිය හැක; රසවිඳිය හැක. මැන්ඩෙලාගේ චරිත අපදානය නවකතාවක් ලෙස සලකන්නේ නම් එය ශූර නවකතාකරුවෙකුගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බවට කිසිදු සැකයක් නොමැත. මෙහි චරිත නිර්මාණය හා කතා පුවත ගොඩ නැගීම ඕනෑම නවකතාවකට වඩා උසස් වන්නේ එය සැබැවින්ම අප අතර ජීවත් වන හා ජීවත් වූ උදාර පුද්ගලයින්ගේ ජීවිතය විස්තර කරන හෙයිනි.
nikmaYama - නික්ම යාම
by Somarathna Harasgama - සෝමරත්න හරස්ගම"කිං සච්ච ගවේසී” සත්යය කුමක්ද? එය කොහි ඇද්ද? යන විමසුමෙන් ජය ගත් ජීවිත අනුන් උදෙසාම කැප කළ සැබෑ මිනිසෙකු වටා ගෙතුණු මෙම වෘත්තාන්තය "නික්ම යාම” නම් වේ.
oba Sitinne Sathutinda Sathutin Siteemata nam - ඔබ සිටින්නේ සතුටින්ද? සතුටින් සිටීමට නම්
by Mahindapala Withana Arachchi - මහින්දපාල විතානආරච්චිකිසිදු ආගම් භේදයකින් තොරව කියවීමට සුදුසු, කියවිය හැකි, ජීවිතයට ප‍්‍රායෝගිකව සම්බන්ධ කරගත හැකි දහම් පණිවුඩයක් අන්තර්ගත කෘතියකි.
pin Athi Sarasavi Varamak Denne - පිං ඇති සරසවි වරමක් දෙන්නේ.....
by Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්ර'ලංකාවේ ජාතික භාෂා අතපසු කොට ඉංග්රීසි පමණක් ඉගෙනීමට, සිංහලයන් තුළ තිබෙන මූඪ ලබ්ධිය හෙළා දුටු හෙතෙම, මීට හේතුව - ජාතියේ අතීතය ගැන අඥානයත්, අනාගතය ගැන නොතැකීමත් බව පැවසුවේය..." ‘යටත් විජිතවාදී ආකල්පයක් දරන පාලක පක්ෂයේ ඇගයීම් පද්ධතියෙහි ඉංග්රීසිය ඉහළ තැනක් ගනී. කිසියම් වියවුලක් හට ගත් විගසම - ඊට හේතුව අධ්යාපනයේද, රජයේද මාධ්ය සිංහල වීම යයි ඔවුහු කියති ! දැන් හොර රහසේ, ඉංග්රීසි යළිත් සිංහාසනාරූඪ කර ඇති බව පෙනේ."
prabudhdha - ප්රබුද්ධ
by Mahagama Sekera - මහගම සේකරමහගම සේකරගේ කවිත්වය ප්‍රකාශයට පත් වන්නේ එහෙන් මෙහෙන් හමන සුළං නිසා නො සැලෙනසුලු ජීවන දර්ශනයක් හෙළි කරමින් බව ඔහුගේ අවසාන කෘතිය වන ප්‍රබුද්ධ නම් මේ ප්‍රබන්ධය කියවන විට තව දුරටත් දැනී යයි. රචනයට ප්‍රබුද්ධ යන නම යෙදීමෙන් ම එය පැහැදිලි වෙයි. මෙම කෘතියෙහි ඔහු බැස ගන්නා ඇතැම් නිගමනයන්ට හා ඉදිරිපත් කරන ඇතැම් නිර්දය විවේචනයන්ට අවශ්‍ය පදනම ඔහු ලබා ගෙන ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් ලත් තම ජීවන දර්ශනයේ පරිපාකයෙනැ යි කියන්නට පුළුවන. “හෙට ඉරක් පායයි” යන කෘතියෙහි (අංක 25). ඔහු කෙටියෙන් දක්වන්නේ කිසිවකු නො දන්නා දහමක් නො වේ.
ranRosa - රන්රෝස
by Ariyawansha Ranaweera - ආරියවංශ රණවීර.මෙහි එන බොහෝ දෑ හිතට ආ ආ අයුරින්ම ලියූ නිසාවෙන් නිරවුල් බවින් තොර විය හැක. බොහෝ දෑ කුකුස් උපදවන සුළු විය හැක. මෙය න්‍යායාත්මක පර්යේෂණයක් නොවේ. මෙය සාහිත්‍ය විධි ශිල්ප ක්‍රම උගන්වන අත්වැලක් ද නොවේ. මෙහි ගැබ්ව ඇත්තේ සාහිත්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මගේ පෞද්ගලික කල්පනා හා අත්දැකීම් ස්වල්පයක් පමණි.
sahurdaSakshiya - සහෘද සාක්ෂිය
by Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්තිඅන්යයන්ගේ තැනෙහි අප පිහිටුවා ඔවුන්ගේ ජීවිතය පරිකල්පනය කිරීමට ආඛ්‍යාන ඔස්සේ අපට හැකියාව ලැබෙන බව සෑම පාඨකයෙකුම න්‍යායිකවත්, අත්දැකීමෙනුත් දන්නා කරුණකි. එසේම, කියවීමේදී අපි අපගේ සමාජීය ස්ථානය, ඊට අදාල දෘෂ්ටිකෝණද, එහිදී සැලකිල්ලට ලක්වන දේද පසෙක තබා, ආඛ්‍යානයේ චරිතයක අත්දැකීම වෙත පරිකල්පනාත්මකව ඇතුල් වෙමු. එමගින්, අපි සියලු ආචාරධාර්මික කාරකත්වයන්ට අවශ්‍ය වන ශක්‍යතාවන් වගා කර ගනිමු.
sinhabahu - සිංහබාහු
by Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්රකිසියම් රටක ගීත නාටක කලාව, සජීව ජාතික කලා මාධ්‍යයක් වශයෙන් පැවැතීමට නම්, ඒ රටෙහි නාට්‍ය රචකයන් මෙන්ම ගීත ස්වර රචකයන් ද සිටිය යුතුය. දහ නව වෙනි ශත වර්ශයේ මුල් අවධියෙහි සිට මෙහි පැවතිණැයි සිතිය හැකි නාඩගම් නම් ගීත නාටක සම්ප්‍රදාය පිරිහීමටත් මුළුමනින් ම වාගේ අතුරුදහන් වී යාමටත් එක් හේතුවක් වශයෙන් දැක්විය හැක්කේ, මෙහි ගීත ස්වර රචකයන් විරල වීම යයි හඟිමි. භාරතය හෝ චීනය හෝ යුරෝපය මෙන්, චිරාගත සංගීත සම්ප්‍රදායක් නොමැති ලක්දිවට , කිසියම් අවධියක දී ප්‍රවේශ වූ මේ ගීත නාටක සම්ප්‍රදාය මෙහි පැලපදියම් නොවීම ගැන අප පුදුමයට පත් නොවිය යුතු ය. නාඩගම් හෝ නූර්ති රචනා කළ බොහෝ අය, කලින් රචනා කර තිබුණු නාඩගම් හෝ නූර්ති සිංදු රාග තම කෘති සඳහා උපුටා ගත්හ. එකල වැඩි දෙනෙකු නාට්‍ය බලන්ට ගියේ සින්දු ඇසීමට පමණක් වූ හෙයින් ද , එකල රචිත නාට්‍ය වල සින්දු හැරුණු විට අන් කිසි ගත යුත්තක් නුවූ හෙයින් ද , හැමදාම එකම සින්දු අසන්ට සිදුවූ රසිකයන්ට ගීත නාටක කලාව එපා වන්ට ඇතැයි සිතිය හැකි ය.
sinhala Sahitthyaye Nagima - සිංහල සාහිත්‍යයේ නැඟීම
by Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහමේ' සිංහල සාහිත්‍යයේ නැඟීම’ මා විසින් කරන ලද කිසිම පර්යේෂණයක ප්‍රතිඵලයක් නොවේ. පොතපත කියවීමෙහි නොතිත් ආශ්වාදයෙහිත්; සාහිත්‍ය කලා විවේචනය අරබයා ලියන ලද පොතපත කියවීමෙන් මා ලබන ආශ්වාදයෙහිත්; ගෑනු පිරිමි දෙගොල්ලගේ, විශේෂයෙන් ගෑනුන්ගේ වගතුග, බොළඳකම්, නපුරුකම්, මායම්, බොරුමානය, ඔවුන්ගේ ආදරය, අනාදරය, චපලකම, රූසපුව, අඟර දඟර යන ආදිය අසා බලා ලබන නෝබිනා සන්තෝසයෙහිත් ප්‍රතිඵලයකි. එනම්; පොතපත කියවීමෙනුත් ගෑනු පිරිමි දෙගොල්ලගේ වගතුග හා ඕපාදූප මහත් ආශාවෙන් සෙවීමෙනුත් ඇසීමෙනුත් හිසෙහි පුරවාගත් තොරතුරු නිසා පහළ වූ දුර්මතවල පිහිටා, පැරණි සිංහල ගද්‍ය පද්‍ය ග්‍රන්ථ කියවීමෙහි ප්‍රතිඵලයකි.