Browse Results

Showing 1 through 25 of 103 results

50 Vasaraka Lankika Cinemave Vishishtathama Chithrapata - 50 වසරක ලාංකික සිනමාවේ විශිෂ්ටතම චිත‍්‍රපට

by Thusitha Jayasundara - තුසිත ජයසුන්දර

මෙහි ගැබ්ව ඇත්තේ 1997 වසරේ දී පනස් වසරක ලාංකික ශ‍්‍රව්‍ය-දෘශ්‍ය සිනමාවේ විශිෂ්ටතම චිත‍්‍රපට කවරේදැයි සොයා බැලීමට ශ්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාව දැරූ ප‍්‍රයත්නය යි.

Act No 1 Of 2010 - 2010 අංක 1 දරන ශ‍්‍රී ලංකා කුඩා කර්මාන්ත මණ්ඩල (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත

by The parliament of Democratic Socialist Republic of Sri Lanka - ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව

1981 අංක 43 දරන ශ‍්‍රී ලංකා කුඩා කර්මාන්ත මණ්ඩල (සංස්ථාගත කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

Andha Vadhakaya - අඳවාදකයා

by Dadigama V. Rodrigo - දැදිගම වි. රුද්‍රිගු

මනෝවිද්‍යාත්මක කරුණුවලින් පොහොසත් වූ මේ නවකතාව කරලෙන්කෝ ගේ පෞද්ගලික නිරීක්ෂණයේ ප්‍රතිඵලයකි.

Andhura vinividha eliya dhakinnata: අඳුර විණිවිද එලිය දකින්නට

by Ven. Kiribathgoda Gnananandha Thero — පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි

වාද විවාදවලින් ආකූල ව්‍යාකූලව සිටින නූතන මිනිසාට අධර්මයෙන් ධර්මය වෙන් කර ගැනීමට සහය වීමේ අරමුණින් ලියැවුණු බෞද්ධ ග්‍රන්ථයකි.

Antho bahee - අන්තෝබහී

by Pasan Kodikara - පසන් කොඩිකාර

ඉතිහාස විසංයෝජන නිර්මාණ පර්යේෂණයකි.

Apa surathal chamee - අප සුරතල් චමී

by C. Abhayathanne - සී. අභය තැන්නේ

තම සුනඛ සුරතලා පිළිබඳව ලියැවී ඇති මෙම ග්‍රන්ථය සෑම වයස් කණ්ඩායමකම අයට කියවා තම තම නැණ පමණින් විග‍්‍රහ කරමින් රස විඳිය හැකි ග‍්‍රන්ථයකි.

Aparajitho - අපරාජිතෝ

by M.D. Dayanandha - ඇම්. ඩී. දයානන්ද

උත්සාහය ඉවසීම පිළිබිඹු කරන යෞවණයින් සඳහා රචිත නවකතාවකි.

Araliyamal aramaya: අරලිය මල් ආරාමය

by Jayasena Jayakodi — ජයසේන ජයකොඩි

තමා වෙත පැමිණෙන අනේකවිධ අභියෝග හමුවේ නොසැලී පිළිවෙත් පුරන, අපේ කාලයේ බුදු පුතෙකුගේ ජීවන චරිතයෙන් බිඳක් මෙහි දැක්වේ.

Asa nathi dha - ඇස නැති දා

by W.R. Perera - ඩබ්. ආර්. පෙරේරා

මෙය ආබාධිත අධ්‍යාපනයේ ලා පර්යේෂණ කෘතියක් වශයෙන් අදාළ අංශවලට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වේ.

Ath karaththaya ha thawath katha - අත් කරත්තය හා තවත් කථා

by Vehalle Kulathunga - වේහැල්ලේ කුලතුංග

ළමුන් සඳහා ම රචිත ඉතාම රසවත් කථා කිහිපයකින් යුක්තයි.

Atheethawalokanaya - අතීතාවලෝකනය

by Anushi Thisara Kariyawasam - අනුෂී තිසාරා කාරියවසම්

කාලයක් තිස්සේ අපේ අතීතය සොයා බැලීමෙන් අනතුරු ව රැස් කළ කරුණු උපයෝගී කොටගෙන කර්තෘ විසින් ඉරිදා දිවයින සියපත විශේෂ අතිරේකයට වරින් වර ලියන ලද ලිපිවලින් කොටසක් මෙම ග‍්‍රන්ථය සඳහා තෝරා ගෙන ඇත.

Autswich premaya: අවුට්ශ්විට්ස් ප්‍රේමය

by Ravindra Wijewardhana — රවීන්ද්‍ර විජේවර්ධන

චෙකොස්ලෝවැකියානු ජාතික සිනමා නිළියක වූ හනා ප්‍රෞදා, නට්සීන්ගේ අත්අඩංගුවට පත්විමෙන් අනතුරුව අඋට්ස්විච් ඝාතන කඳවුරේ සිටිය දී තම සැමියා වූ සාෂා මොන්ක් ද තමා වටා දළුළමින් නැගෙමින් පැවති මරණයේ භීෂණයත් මුදාහරිමින් ලියූ කටුසටහන් පෙල අනුව සකස් වූ කෘතියකි.

Avabodhayenma dhambadiva wandhana karamu: අවබෝධයෙන්ම දඹදිව වන්දනා කරමු

by Ven. Kiribathgoda Gnananandha Thero — පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි

දඹදිව බුද්ධ භූමි වන්දනාවේ යන සැදැහැවතුන් හට මාර්ගෝපදේශකත්වය ලබාදෙන වටිනා ග්‍රන්ථයකි.

Badde kulawamiya: බැද්දේ කුලවමිය

by Rupa Shriyani Ekanayaka — රූපා ශ්‍රියානි ඒකනායක

තම සිතිවිලිවල හැසිරීම වටහා ගත නොහැකිව, එකිනෙකාගේ අභිලාශයන් හඳුනාගත නොහැකිකමින් හටගන්නා ජීවිතයේ දුශ්කරතාවලින් මිරිකුණු පුද්ගල චරිතවල ඛේදවාචකය මෙම නවකතාව මගින් නිරූපණය කර ඇත.

Bakusu hande abhirahasa: බකුසු හඬේ අබිරහස

by Leelanandha Gamachchi — ලීලානන්ද ගමාච්චි

සුප්‍රකට රහස් පරීක්ෂක ෆෙන්ටන් හාඩිගේ පුතුන් දෙදෙනා ඔවුන්ගේ මිතුරන් හා එක්ව මහා පරිමානයේ අභ්‍යාවකාශ උපකරණ කොල්ලයක් අනාවරණය කර ගන්නා අයුරු දැක්වෙන වීර යොවුන් නවකතාවකි.

Balal Wasura - බළල් වසුර

by Dickman Wijesinghe - ඩික්මන් විජේසිංහ

ළමුන් සඳහා ලියැවුණු ඉතා රසවත් කථාන්තරයකි.

Balan sandha e nadhiya: බලන් සඳ ඒ නදිය

by K.A.N. Perera — කේ.ඒ.එන්. පෙරේරා

මෝහන නිද්‍රාවට පත්ව ඉතාම නිවැරදිව විශ්මයජනක ලෙස පුද්ගල ව්‍යාධීන් විස්තර කළ, ඇමරිකාවේ ජීවත් වූ එඩ්ගාර් කේසිගේ ජීවිත කතාව මෙහි සිංහල බසට නගා ඇත.

Bhashanuragaye Dheshapalanaya - භාෂානුරාගයේ දේශපාලනය

by Sandagomi Coperahewa - සඳගෝමි කෝපරහේවා

භාෂානුරාගයේ දේශපාලනය නමැති මේ කෘතියේ අරමුණ වන්නේ, සිංහල භාෂාව හා සමාජය ආශ්‍රිතව විසිවන සියවස මුල් භාගයේ මෙරට ඇති වූ සිංහල භාෂානුරාගී කටයුතු සහ ඉන්පසුව උද්ගත වූ රාජ්‍ය භාෂා ප්‍රශ්නය පිළිබඳව විමර්ශනය කිරීමයි.

Bhashava ha samajaya - භාෂාව හා සමාජය

by K.N.O. Dharmadhasa - කේ.එන්.ඕ. ධර්මදාස

මෙම ග්‍රන්ථයෙන් වෑයම් කරන ලද්දේ භාෂාව පිළිබඳව අධ්‍යයනයෙහි නිරතවන්නන් විසින් බොහෝ විට අවධානයට යොමු නොකරන භාෂා චර්යාව තුළ මිනිසාගේ සමාජ ජීවිතය සපුරා පිළිබිඹුව ඇතැයි යන කාරණය පැහැදිලි කිරීමට ය.

Bhava sarana: භව සරණ

by Siddhi Markas Dias — සිද්දි මාකස් ඩයස්

සමාජයේ විවිධ තේමාවන් පසුබිම් කොට රචිත කෙටි කතා කිහිපයක් මෙහි ඇතුළත් වේ.

Bindhunu bilindha: බිඳුණු බිළිඳා

by Dilipa Jayakodi — දිලීප ජයකොඩි

තමාගේ මව. පියා සහ තවත් වැඩිහිටියන් ගණනාවක් අතින් අපචාරයට ලක්වූ අට හැවිරිදි දැරියකගේ හද සසල කරවන අනුවේදනීය සත්‍ය කතාවකි.

Biya Nowan Aiyandi - බිය නොවන් අයියන්ඩි

by Rathnashri Wijesinghe - රත්න ශ‍්‍රී විජේසිංහ

ප්‍රවීන කිවියර රත්නශ්‍රී විජේසිංහයන්ගේ කුළුදුල් පද්‍ය සංගහය මෙය යි.

Bolawaththe Katholika Sanskruthiya Saha Jakome Gonsalwes PiyaThuma - බෝලවත්තේ කතෝලික සංස්කෘතිය හා ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා

by Romesh Nonis - රොමේෂ් නෝනිස්

බෝලවත්තේ කතෝලික සංස්කෘතිය හා ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමන් පිළිබඳව ලියැවුණු ආඛ්‍යානිකාවකි.

Budhun wadhala dharmaya: බුදුන් වදාළ ධර්මය

by Ven. Walpola Rahula Thero — පූජ්‍ය වල්පොල රාහුල හිමි

මෙම ග්‍රන්ථය වනාහි, පැරණි නිකාය ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්මයන්, හැම දෙනාට ම තේරුම්ගත හැකි වන පරිද්දෙන් පැහැදිලි කොට ලියන ලද විවරණයකි.

Budhuwaru dheviwaru saha yakshayo: බුදුවරු, දෙවිවරු සහ යක්ෂයෝ

by Sarathchandra Jayakodi — සරත්චන්ද්‍ර ජයකොඩි

පුරාතන ප්‍රඥාවේ මහිමය පිළිබඳ පර්යේෂණාත්මක තොරතුරු මෙම කෘතියෙන් ප්‍රකට වේ. ඇලෙක්සැන්ඩ්‍රා ඩේවිඩ් නීල් ලාමාවරිය ටිබෙටයේ සිට පැවත්වූ පර්යේෂණ පිළිබඳ තොරතුරු මෙම කෘතියෙහි දැක්වේ.

Refine Search

Showing 1 through 25 of 103 results