Browse Results

Showing 76 through 100 of 103 results

Kawudha oyalata me tharam boru kiwwe: කවුද ඔයාලට මේ තරම් බොරු කිව්වේ

by Ven. Kiribathgoda Gnananandha Thero — පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි

සමාජය තුළ පවතින වැරදි මත පිළිබඳව සරලව ප්‍රශ්න කෙරෙන අපූර්ව ග්‍රන්ථයකි.

Dheshapalana paksha nyayika handinvimak - දේශපාලන පක්ෂ න්‍යායික හැඳින්වීමක්

by Keerthi Ariyadhasa - කීර්ති ආරියදාස

මෙම කෘතියෙහි දී පක්ෂ පිළිබඳ ව බටහිර මෙන් ම බටහිර නොවන විශ්ලේෂණ කෙරෙහි අවධානයක් යොමු කරමින් පක්ෂ න්‍යාය පැහැදිලි කිරීමට උත්සාහ කෙරේ.

chatarliAryavagePemvatha - චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

by Shyaman Hemakkodi - ශ්‍යාමන් හේමකොඩි

චැටර්ලි ආර්යාවගේ පෙම්වතා 1928 දී ඉතාලි ග්‍රන්ථ ප්‍රකාශකයෙකු වූ ජුසෙප්පි පීනෝ ඔරියෝලි - Giuseppe "Pino" Orioli (1884-1942) ගේ සහාය මත පළමු වතාවට පුද්ගලික ප්‍රකාශනයක් ලෙස ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේදී එළි දුටුවේය. කෘතියේ පැවති කතා පුවත, ලිංගික සබඳතා පිළිබඳ විස්තරාත්මක සටහන් මෙන්ම අසභ්‍ය යැයි සලකන ලද වචන හේතුවෙන් බ්‍රිතාන්‍ය ග්‍රන්ථ ප්‍රකාශකයෝ එය මුළුමනින්ම පළ කිරීමෙන් වැළකී සිටියෝය.

50 Vasaraka Lankika Cinemave Vishishtathama Chithrapata - 50 වසරක ලාංකික සිනමාවේ විශිෂ්ටතම චිත‍්‍රපට

by Thusitha Jayasundara - තුසිත ජයසුන්දර

මෙහි ගැබ්ව ඇත්තේ 1997 වසරේ දී පනස් වසරක ලාංකික ශ‍්‍රව්‍ය-දෘශ්‍ය සිනමාවේ විශිෂ්ටතම චිත‍්‍රපට කවරේදැයි සොයා බැලීමට ශ්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාව දැරූ ප‍්‍රයත්නය යි.

Thun pethi hathara pas pethi - තුන් පෙති හතර පස් පෙති

by Ariyavansa Ranaweera Nandhana Weerasingha - ආරියවංශ රණවීර නන්දන වීරසිංහ

“සුන්දරත්වයට ආභරණ නොපලඳන්න. මුදු බවට ආභරණ බර වැඩි ය.”

dandu Thuragaya - දඬු තුරඟය

by Dharmasena Gunasekara - ධර්මසේන ගුණසේකර

දඬු තුරඟය කර්තෘ අතින් සිංහලට නැඟෙන චීන ජනකතා පෙළක තෙවැන්නයි.

bonjin Agaradaguru - බොන්ජින් අගරදගුරු

by W.L.A. Don Peter - ඩබ්ලිව්. එල්. ඒ. දොන් පීටර් පියතුමා

ගොඩගේ ආයතනය මගින් ක්‍රියාත්මක කරන ලද කිතුණු ග්‍රන්ථ ව්‍යාපෘතිය යටතේ සකස් වූ කෘතියකි.

birindak Avadi vei - බිරිඳක් අවදිවෙයි

by Siri Ediriweera - සිරි එදිරිවීර

සරසවියේ දී අප්‍රකාශිත ප්‍රේමය සහ පවුල් ජීවිතය අතර ගැටුමට මැදිවන කාන්තාවකගේ චරිතය වටා ගෙතුණු නවකතාවකි.

Hath Adiye Kawi - හත් අඩියේ කවි

by Lakshman Kahatapitiya - ලක්ෂ්මන් කහටපිටිය

පසුගිය කාල පරිච්ඡේදය තුළ ඇසූ දුටු, අත් විඳි සමාජ සංසිද්ධීන් රැසක් විෂය කොට ගනිමින් ලියූ කාව්‍ය නිර්මාණ රැසක් ‘හත් අඩියේ කවි‘ කෘතියට අන්තර්ගත වේ.

Serpent's Daughter - සර්පයාගේ දියණිය

by Upeksha Nuwanshrini - උපේක්ෂා නුවන්ශ‍්‍රීනි

සුනාමි ව්‍යසනයට මැදිව විවිධ ජීවිතාභියෝගවලට මුහුණ දෙන යුවතියක වටා ගෙතුණු රසවත් නවකතාවකි.

Gini Diya Pokuna - ගිනි දිය පොකුණ

by Galpothugoda Sudhath Chandra - ගල්පොතුගොඩ සුදත් චන්ද්‍ර

ගිනි දිය පොකුණ නමැති මෙම කෙටි කතා සංග‍්‍රහය විවිධ තේමාවන් ප‍්‍රස්තුත කර ගත් කෙටි කතා එකොළහකින් සමන්විත ය.

Apa surathal chamee - අප සුරතල් චමී

by C. Abhayathanne - සී. අභය තැන්නේ

තම සුනඛ සුරතලා පිළිබඳව ලියැවී ඇති මෙම ග්‍රන්ථය සෑම වයස් කණ්ඩායමකම අයට කියවා තම තම නැණ පමණින් විග‍්‍රහ කරමින් රස විඳිය හැකි ග‍්‍රන්ථයකි.

oba Sitinne Sathutinda Sathutin Siteemata nam - ඔබ සිටින්නේ සතුටින්ද? සතුටින් සිටීමට නම්

by Mahindapala Withana Arachchi - මහින්දපාල විතානආරච්චි

කිසිදු ආගම් භේදයකින් තොරව කියවීමට සුදුසු, කියවිය හැකි, ජීවිතයට ප‍්‍රායෝගිකව සම්බන්ධ කරගත හැකි දහම් පණිවුඩයක් අන්තර්ගත කෘතියකි.

Sandha Ginigath Sandha - සඳ ගිනිගත් සඳ

by K.B. Wanninayaka - කේ. බී. වන්නිනායක

රජරට ගොවි ජන විඤ්ඤාණය පදනම් කොට ගෙන ගැමි දිවියේ අත්දැකීම් නිරූපණය කරමින් රචිත රසවත් නවකතාවකි.

ahase tharu ha davase tharu - අහසේ තරු හා දවසේ තරු

by Shantha Hettiarachchi - වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි

ඉරු රැස පුවත්පතේ පළවූ තීරු ලිපි පෙළක එකතුව තීරු ලිපි සංග‍්‍රහයක් ලෙස පිරිනැමෙන්නේ, පත පොත කියවන්නටද, ලෝකය හැකිතාක් නිවැරදිව දකින්නටද තවමත් හිත ඇති ඔබ සැමටය.

Atheethawalokanaya - අතීතාවලෝකනය

by Anushi Thisara Kariyawasam - අනුෂී තිසාරා කාරියවසම්

කාලයක් තිස්සේ අපේ අතීතය සොයා බැලීමෙන් අනතුරු ව රැස් කළ කරුණු උපයෝගී කොටගෙන කර්තෘ විසින් ඉරිදා දිවයින සියපත විශේෂ අතිරේකයට වරින් වර ලියන ලද ලිපිවලින් කොටසක් මෙම ග‍්‍රන්ථය සඳහා තෝරා ගෙන ඇත.

Antho bahee - අන්තෝබහී

by Pasan Kodikara - පසන් කොඩිකාර

ඉතිහාස විසංයෝජන නිර්මාණ පර්යේෂණයකි.

Gaja muthu - ගජ මුතු

by Lalitha Somathilaka - ලලිතා සෝමතිලක

මෙම නවකතාව ලියැවී ඇත්තේ විසිවන සියවසේ මැදභාගයේ මෙරට තුළ ඇති වූ සමාජ විපර්යාසය මුල් කොට ගෙනය.

Gamburu Nihandathawa - ගැඹුරු නිහඬතාව

by Sujith Nishantha Hewage - සුජිත් නිශාන්ත හේවගේ

මෙහි සංජානනය, බෞද්ධ සමාජ විද්‍යාව හා සාරධර්ම සහ තාක්ෂණය මානව ජීව විද්‍යාව හා බුදු දහම පිළිබඳව විග‍්‍රහ කරමින් රචිත පුවත්පත් ලිපි 31කින් සමන්විත ය.

Bolawaththe Katholika Sanskruthiya Saha Jakome Gonsalwes PiyaThuma - බෝලවත්තේ කතෝලික සංස්කෘතිය හා ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා

by Romesh Nonis - රොමේෂ් නෝනිස්

බෝලවත්තේ කතෝලික සංස්කෘතිය හා ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමන් පිළිබඳව ලියැවුණු ආඛ්‍යානිකාවකි.

keerthiWalisarageToragathKetiKatha - කීර්ති වැලිසරගේගේ තෝරා ගත් කෙටි කථා

by Keerthi Walisarage - කීර්ති වැලිසරගේ

සම්මානනීය ලේඛක කීර්ති වැලිසරගේ ලියූ ප්‍රථම කෙටිකතා සංග්‍රහය ගස් කට්ටිය (1994) සිට මේ වන විට ප්‍රකාශිත අලුත් ම කෙටිකතා සංග්‍රහය ‘සංක්‍රාන්ති’ (2012) දක්වා කෙටිකතා සංග්‍රහ නවයක පළ වූ කෙටිකතා අසූ පහක් අතරින් තෝරාගත් කෙටිකතා ඇතුළත් කෘතියකි මේ. මෙවැන්නක් පළ කිරීමේ අරමුණ වූයේ ඔහුගේ විවිධ ප්‍රවණතා පිළිබිඹු කරන කෙටිකතා පාඨකයින්ට ද පහසුවෙන් පරිහරණය කිරීමට අවස්ථාවක් ලබා දීම ය.

nikmaYama - නික්ම යාම

by Somarathna Harasgama - සෝමරත්න හරස්ගම

"කිං සච්ච ගවේසී” සත්යය කුමක්ද? එය කොහි ඇද්ද? යන විමසුමෙන් ජය ගත් ජීවිත අනුන් උදෙසාම කැප කළ සැබෑ මිනිසෙකු වටා ගෙතුණු මෙම වෘත්තාන්තය "නික්ම යාම” නම් වේ.

Manasika suvaya - මානසික සුවය

by Suranga Amarakoon - සුරංග අමරකෝන්

බෞද්ධ සම්ප්‍රදාය තුළ බුදුන් වහන්සේ හඳුන්වා ඇත්තේ කායික හා මානසික රෝග පිළිබඳ ශ්‍රේෂ්ඨතම විශේෂඥ වෛද්‍යවරයා ලෙසය. මක් නිසාද යත් සියලු රෝගවල උපත වන සසර දුකට උන්වහන්සේ ඖෂධ නියම කරන නිසාය.

nidahasa soya giya gamanak1 - නිදහස සොයා ගිය ගමනක් 1

by Mahindha Haththaka - මහින්ද හත්තක

චරිත කතාවත්, නවකතාවත් අතර වැඩි වෙනසක් නැතැයි මට සිතුණේ නෙල්සන් මැන්ඩෙලාගේ චරිත අපදානය කියවීමෙනි. නව කතාවක රසය උද්දීපනය කිරීම සඳහා ඇතැම්විට මනඃකල්පිත චරිත හා සිද්ධීන් ඇතුළත් කෙරේ. මැන්ඩෙලාගේ චරිත කතාවටත් එවැනි සිද්ධීන් අපමණ ඇතුළත් වන නිසා එය එක් අතකින් නවකතාවක් සේ සැලකිය හැක; රසවිඳිය හැක. මැන්ඩෙලාගේ චරිත අපදානය නවකතාවක් ලෙස සලකන්නේ නම් එය ශූර නවකතාකරුවෙකුගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බවට කිසිදු සැකයක් නොමැත. මෙහි චරිත නිර්මාණය හා කතා පුවත ගොඩ නැගීම ඕනෑම නවකතාවකට වඩා උසස් වන්නේ එය සැබැවින්ම අප අතර ජීවත් වන හා ජීවත් වූ උදාර පුද්ගලයින්ගේ ජීවිතය විස්තර කරන හෙයිනි.

sahurdaSakshiya - සහෘද සාක්ෂිය

by Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති

අන්‍යයන්ගේ තැනෙහි අප පිහිටුවා ඔවුන්ගේ ජීවිතය පරිකල්පනය කිරීමට ආඛ්‍යාන ඔස්සේ අපට හැකියාව ලැබෙන බව සෑම පාඨකයෙකුම න්‍යායිකවත්, අත්දැකීමෙනුත් දන්නා කරුණකි. එසේම, කියවීමේදී අපි අපගේ සමාජීය ස්ථානය, ඊට අදාල දෘෂ්ටිකෝණද, එහිදී සැලකිල්ලට ලක්වන දේද පසෙක තබා, ආඛ්‍යානයේ චරිතයක අත්දැකීම වෙත පරිකල්පනාත්මකව ඇතුල් වෙමු. එමගින්, අපි සියලු ආචාරධාර්මික කාරකත්වයන්ට අවශ්‍ය වන ශක්‍යතාවන් වගා කර ගනිමු.

Refine Search

Showing 76 through 100 of 103 results